දින දෙකක් ඇතුළත ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් සතු පේජර් සහ වෝකි ටෝකී පණිවුඩ හුවමාරු යන්ත්‍ර තොගයක් එකවර පුපුරා දැමීමෙන් පසු එම සංවිධානයෙන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාරයක් එල්ල වූ බවත්, ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ බීරුට් අගනුවරට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
හෙස්බුල්ලා රොකට් ප්‍රහාර 140ක් උතුරු ඊශ්‍රායලයට එල්ල වි ඇති අතර, ඉන් රොකට් 120ක්ම ගුවනේදී විනාශ කිරීමට හැකි වූ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. ඉතිරි රොකට් ප්‍රහාරවලින් සිදුවූ හානිය ඉතා අවම මට්ටමක පැවැති බව ද වාර්තා වේ. එම රොකට් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ බීරුට් අගනුවරට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බවත්, ඉන් ගොඩනැඟිලි රැසක් විනාශ වූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.