Sunday, April 20, 2025
Home » හෙස්බුල්ලා රොකට් ප්‍රහා­ර­යට ප්‍රති­චාර දක්ව­මින් ලෙබ­න­නයේ අග­නු­ව­රට ඊශ්‍රා­ය­ල­යෙන් ගුවන් ප්‍රහාර

හෙස්බුල්ලා රොකට් ප්‍රහා­ර­යට ප්‍රති­චාර දක්ව­මින් ලෙබ­න­නයේ අග­නු­ව­රට ඊශ්‍රා­ය­ල­යෙන් ගුවන් ප්‍රහාර

by damith
September 21, 2024 1:14 am 0 comment

දින දෙකක් ඇතු­ළත ලෙබ­න­නයේ හෙස්බුල්ලා සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් සතු පේජර් සහ වෝකි ටෝකී පණි­වුඩ හුව­මාරු යන්ත්‍ර තොග­යක් එක­වර පුපුරා දැමී­මෙන් පසු එම සංවි­ධා­න­යෙන් ඊශ්‍රා­ය­ල­යට රොකට් ප්‍රහා­ර­යක් එල්ල වූ බවත්, ඊට ප්‍රති­චාර ලෙස ඊශ්‍රා­යල හමු­දාව ලෙබ­න­නයේ බීරුට් අග­නු­ව­රට ගුවන් ප්‍රහා­ර­යක් එල්ල කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හෙස්බුල්ලා රොකට් ප්‍රහාර 140ක් උතුරු ඊශ්‍රා­ය­ල­යට එල්ල වි ඇති අතර, ඉන් රොකට් 120ක්ම ගුව­නේදී විනාශ කිරී­මට හැකි වූ බව ඊශ්‍රා­යල ආර­ක්ෂක හමු­දාව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. ඉතිරි රොකට් ප්‍රහා­ර­ව­ලින් සිදුවූ හානිය ඉතා අවම මට්ට­මක පැවැති බව ද වාර්තා වේ. එම රොකට් ප්‍රහා­ර­යෙන් පසු ඊශ්‍රා­යල හමු­දාව ලෙබ­න­නයේ බීරුට් අග­නු­ව­රට ගුවන් ප්‍රහා­ර­යක් එල්ල කළ බවත්, ඉන් ගොඩ­නැ­ඟිලි රැසක් විනාශ වූ බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT