Home » සාම­කාමී මැති­ව­ර­ණ­යක් උදෙසා හම්බ­න්තො­ටත් සිය­ල්ලෙන් සන්න­ද්ධයි

සාම­කාමී මැති­ව­ර­ණ­යක් උදෙසා හම්බ­න්තො­ටත් සිය­ල්ලෙන් සන්න­ද්ධයි

by Gayan Abeykoon
September 20, 2024 1:00 am 0 comment

ලුණම සමූහ - සනත් ගමගේ

2024 ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ ඡන්ද දාය­ක­යන් පන්ලක්ෂ විසි­ද­හස් නව­සිය හත­ළිස් දෙන­කුට (520,940) ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍ය­ස්ථාන 416ක් සූදා­නම් කර ඇත.

මුල්ගි­රි­ගල, බෙලි­අත්ත, තංගල්ල හා තිස්ස­ම­හා­රා­මය යන මැති­ව­රණ කොට්ඨාස හතර තුළ මෙම ඡන්ද මධ්‍ය­ස්ථාන 416 ක්‍රියා­ත්මක කෙරේ. ඡන්ද මධ්‍ය­ස්ථාන කරා හිස් ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා හා අදාළ රාජ්‍ය නිල­ධා­රීන් පිට­ත්කර යැවීම අද (20) උදෑ­සන 7.00 සිට හම්බ­න්තොට සුචි ජාතික පාස­ලේදී සිදු කරන බව හම්බ­න්තොට දිස්ත්‍රික් තේරී­ම්භාර නිල­ධාරි එච්.පී සුම­න­සේ­කර මහතා කීය.

ඡන්ද මධ්‍ය­ස්ථාන කරා ඡන්ද පෙට්ටි හා නිල­ධා­රීන් ප්‍රවා­හ­නය කිරී­මට රාජ්‍ය ආය­ත­න­වල රථ­වා­හන හා පෞද්ග­ලික අංශයේ ද වාහන යොදා ගැනීම සිදු කෙරේ. හම්බ­න්තොට ගණන් කිරීමේ මධ්‍ය­ස්ථා­නයේ සිට දුරින්ම පිහිටා ඇති ඡන්ද මධ්‍ය­ස්ථා­නය වන්නේ කටු­වන, උඩ­ගො­ම­ඩිය ඡන්ද මධ්‍ය­ස්ථා­න­යයි.

ඡන්ද මධ්‍ය­ස්ථාන, රජයේ පාසල්, ප්‍රජා ශාලා, විහා­ර­ස්ථාන මෙව­රත් යොදා­ගෙන ඇති අතර, අදාළ වසමේ ග්‍රාම නිල­ධා­රීන් මඟින් ඡන්ද මධ්‍ය­ස්ථා­න­වල පහ­සු­කම් සැල­සීම සිදු කෙරේ. අය­හ­පත් කාල­ගු­ණික තත්ත්ව­යක් ඇති­වු­ව­හොත් ඒ සඳහා පෙර සූදා­න­මක් ලෙස හම්බ­න්තොට දිස්ත්‍රික් ආපදා කළ­ම­නා­ක­රණ ඒක­කය සූදා­න­මින් සිටින අතර විශේ­ෂ­යෙන්ම වල් අලි තර්ජන ඇති ඡන්ද මධ්‍ය­ස්ථාන පිහිටි ප්‍රදේ­ශ­ව­ලට ද වන­ජීවී නිල­ධා­රීන්ගේ සහාය යොදා ගැනී­මට අවශ්‍ය පිය­වර ගෙන ඇති බව ද හෙතෙම සඳ­හන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT