ජනාධිපතිවරණයට අදාළ රාජකාරි කටයුතු සඳහා බස් රථ 1358ක් ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා ‘දිනමිණ’ට ඊයේ (19) පැවැසීය.
දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා සිදුකර ඇති ඉල්ලීම් පරිදි එම බස් රථ ලබාදීමට කටයුතු කරන බව ද මැතිවරණයට අදාළ පොලිස් රාජකාරි කටයුතු සඳහා ද බස් රථ 175ක් ලබා දීමට නියමිත බව ද කීවේය. මේ අතර ඡන්දය භාවිත කිරීම සඳහා ගම්බිම් බලා පිටත් වන ජනතාවගේ පහසුව සඳහා ඊයේ (19) බස් රථ සේවා ක්‍රියාත්මක කළ අතර, අද ද (20) දුර ගමන් සේවා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම කියා සිටියේය. මේ අතර කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර විශේෂ දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවැසූ අතර, අද (20) සහ හෙට (21) වැනි දින මෙම දුම්රිය කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය කරන බවත් අනිද්දා 22 වැනි දින කන්කසන්තුරයේ සිට කොළඹ දක්වා ධාවනය කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.