Home » මහ­නු­වර දිසා­වෙන් එකොළොස් ලක්ෂයක් ඡන්දය ප්‍රකාශ කිරී­මට සුදු­සු­කම් ලබලා

මහ­නු­වර දිසා­වෙන් එකොළොස් ලක්ෂයක් ඡන්දය ප්‍රකාශ කිරී­මට සුදු­සු­කම් ලබලා

මහ­නු­වර දිස්ත්‍රික් තේරීම් භාර නිල­ධාරි චන්දන තෙන්න­කෝන්

by Gayan Abeykoon
September 20, 2024 1:00 am 0 comment

අසේල කුරු­ළු­වංශ

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ එකො­ළොස් ලක්ෂ අනූ­එක් දහස් තුන්සිය අනූ­නව දෙනකු (1191399) ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදු­සු­කම් ලබා තිබෙන බව මහ­නු­වර දිස්ත්‍රික් තේරීම් භාර නිල­ධාරි චන්දන තෙන්න­කෝන් මහතා පව­සයි.

මේ පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ ආසන 13ක ඡන්ද කොට්ඨාස 890ක ඡන්ද මධ්‍ය­ස්ථාන 890ක් ස්ථාපිත කර තිබෙ­නවා. මැති­ව­රණ රාජ­කාරි සඳහා රාජ්‍ය නිල­ධා­රින් සංඛ්‍යාව 15,000ක් යොදවා තිබෙ­නවා. පොල්ගොල්ල සමු­ප­කාර අභ්‍යාස ආය­ත­නය, පොල්ගොල්ල විවෘත විශ්ව­වි­ද්‍යා­ලය, පොල්ගොල්ල මහ­වැලි ජාතික අධ්‍යා­ප­නික විද්‍යා පීඨය සහ පොල්ගොල්ල ආදර්ශ පාසල යන පරි­ශ්‍ර­වල ඡන්ද ගණන් කිරීමේ මධ්‍ය­ස්ථාන 124ක් ක්‍රියා­ත්ම­කයි. මැති­ව­රණ ආර­ක්ෂක කට­යුතු වෙනු­වෙන් පොලිස් නිල­ධා­රින් 1000ක් සහ විශේෂ කාර්ය බළකා නිල­ධා­රින් 300ක් යොදවා තිබෙ­නවා. මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ ලියා­ප­දිංචි තැපැල් ඡන්ද සංඛ්‍යාව 55,797ක්.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT