107
විස දියරයක් පානය කර සියදිවි හානිකර ගැනීමට තැත්කර රෝහල්ගත කළ පුද්ගලයකු රෝහලින් පලා ගොස් ගෙල වැලලා ගෙන මියයාමේ සිදුවීමක් මන්නාරම පොලිසියට වාර්තා වී ඇත. මෙම සිදුවීම වී ඇත්තේ පෙරේදා (18) ය.
වයස අවුරුදු 33ක් වන මන්නාරම, ජෝසප්වාස් නගර්හි පදිංචි පුද්ගලයකු සියදිවි හානිකර ගැනීමේ අපේක්ෂාවෙන් විස දියරයක් පානය කර මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා රෝහලින් පලාගොස් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.