Home » නිහඬ බව දරාන ඉන්න

නිහඬ බව දරාන ඉන්න

by Gayan Abeykoon
September 20, 2024 1:00 am 0 comment

මේ නිහඬ බව  බිඳින්න අප කාට­වත් නොහැ­ක්කේය. මැති­ව­රණ ක්‍රියා­දා­ම­යක් යනු රට­කට ඇති අග­නාම සම්ප­තය. ඒ සඳහා ලබාදී ඇති විධි­වි­ධාන අනුව දැන් අප දේශ­පා­ලන නිහ­ඬ­තා­වක නියැළී සිටිය යුත්තේය.

වර්ත­මාන සින­මාව, රූප­යෙන් මෙන්ම ශබ්ද­යෙන් ද පොහො­සත්ය. නවීන සිනමා ශාලා­වක වෙඩි තැබීමේ දර්ශ­න­ය­කදී,  වාඩි­ලා­ගෙන සිටින අපට, පැත්තෙන් මෙන්ම පිටු­ප­සින් ද එම ජව­නි­කාවේ ශබ්ද ඇසෙ­න්නේය. සජීව ආකා­රය මූර්ති­මත් කිරීම සඳහා ඒ ආකා­ර­යට සද්දය එන දිශාව වැද­ගත්ය. පෙර කාලයේ ශබ්දය විකා­ශය කරන ලද්දේ ‘මොනෝ’ ක්‍රම­වේ­ද­ය­ටය. හැත්තෑව දශ­කයේ නිවෙ­සක තිබූ ගුව­න්වි­දු­ලි­යක් සිහි­යට නඟා ගන්න. එහි තිබුණේ එක් ස්පීක­ර­යක් පම­ණය. සියලු ශබ්ද එක් තැන­කින් නිකුත් විය. මෙය මිනි­සාගේ සාමාන්‍ය ඇසීමේ ක්‍රියා­දා­ම­යට පට­හැ­නිය. මිනි­සාට කන් දෙකක් ඇත්තේ හෙයින් එක්ව­රම ශබ්ද දෙකක් ඇසිය හැක්කේය. වාහ­න­යක නළා­වක් නාද කළ සැණින් අප ශබ්දය අනුව එම නළා නාදය ආවේ කොයි දිශා­වෙ­න්දැයි තීර­ණය කර­න්නේය. එක් කන­කට ශබ්දය දැනුණ ආකා­රය සහ අනෙක් කනට ශබ්දය ආ ආකා­රය අනුව, සද්දේ ආවේ කොයි පැත්තෙන් ද කියා, මොළ­යට තීර­ණ­යක් ගත හැකිය. ස්ටීරියෝ තාක්ෂ­ණය සඳහා පද­නම වන්නේ මෙයය. කන් දෙකට එක් ශබ්ද­යක් දෙයා­කා­ර­ය­කට හෙවත් දුර නිශ්චය වන ආකා­ර­යට දැනෙන්නා සේ, ස්පීකර් දෙකක් මඟින් දෙයා­කා­ර­යට ශබ්ද­යක් නිකුත් කිරීම, ස්ටීරි­යෝ­ෆො­නික් තාක්ෂ­ණය වේ.

එහෙව් යුග­යක් සඳහා අප පැමි­ණියේ නිහඬ චිත්‍ර­පට මුලින්ම නර­ඹාය.

ටී. ඒ. එෆ්. නූර්බායි, විදේ­ශීය චිත්‍ර­පට මෙර­ටට ගෙන්වා බෙදා­හ­රි­න්නෙකු විය. මෙසේ ගෙන්වන ලද්දේ විදේ­ශීය දර්ශන ඇතු­ළත් නිහඬ චිත්‍ර­පට බැවින් ප්‍රේක්ෂ­කා­ගා­රය පැව­තියේ අවම තත්ත්ව­ය­කය. ප්‍රේක්ෂ­කයා සිනමා ශාලාව වෙත අද්දා ගැනීම සඳහා ව්‍යාපා­රික ප්‍රජාව විවි­ධා­කාර වූ උපා­ය­මාර්ග අනු­ග­ම­නය කළේ වුවද සෙන­ඟක් ඇත්තේම නැති තර­මට වැඩේ අවුල් වී තිබුණි. කල්ක­ටාවේ ධර්ම­රා­ජික විහා­ර­යට සර්වඥ ධාතූන් වහ­න්සේලා පූජා කිරීමේ උත්ස­ව­ය­කට අන­ගා­රික ධර්ම­පා­ල­තුමා ඇතුළු සිංහල බෞද්ධ ප්‍රභූ­වරු සහ­භාගි වීමේ උලෙ­ළක්, සිනමා කැම­රා­වක් මඟින් පටි­ගත කරන ලද දර්ශන පෙළක් චිත්‍ර­ප­ට­යක් සේ වැල්ල­වත්තේ පැලස් සිනමා ශාලාවේ ප්‍රද­ර්ශ­නය වන්නේ මේ කාල­යේය. වැඩි ‘ඇඩ්’  නැතු­වම මෙය නැර­ඹීම සඳහා විශාල සිංහ­ලයෝ ප්‍රමා­ණ­යක් පැමිණ සිටි­යහ. මේ ක්‍රවුඩ් එක දුටු­වන, නූර්බායි වටහා ගන්නා ලද්දේ දේශීය ප්‍රේක්ෂ­කයා සිනමා ශාලා­ව­ලට ගෙන්වා ගැනී­මට නම් ලාංකේය සිනමා පට­යක් නිප­ද­විය යුතු බවය.  ‘රාජ­කීය වික්‍ර­මය’නම් වූ පළමු සිනමා නිර්මා­ණය නිෂ්පා­ද­නය වන්නේ එසේය. නිහඬ චිත්‍ර­ප­ට­යක් වූ එය නිහඬ ලෙසම අපෙන් සමු­ගන්නේ සිනමා පටය ගින්න­කට හසු­වීම නිසාය.

සින­මාවේ නිහඬ කාලයේ අප ඒ ආකා­රයේ අත්දැ­කීම් ලැබු­වේය. මේ පව­තින්නේ මැති­ව­ර­ණයේ නිහඬ කාලය බැවින් ‘නිහ­ඬ­තාව ගැඹු­රුයි’ යන්න අපට මතක් කර දෙන්නේය.

මේ සමයේ කිසි­වෙක් වෙත දුර­ක­තන ඇම­තු­මක් දිය නොහැ­කිය. පාරේ යන අයෙක් හමු­වු­වද අසන්නේ ‘තත්ත්වේ කොහො­මද’ කියාය. ඒ ආකා­ර­යට තත්ත්වය පැව­සී­මට අනා­ගත වක්තෘන් අප අතරේ නැත. එසේ වෙද්දී හැම කෙනාම කුතු­හ­ල­යෙන් අසනු ලබන්නේ ‘තත්ත්වය’ය. තව දින දෙකක් ඉවසා සිටි­ය­හොත්, අරු­මෝ­සම් නැති­වම, ප්‍රති­ඵ­ලය නිල වශ­යෙන් දැන ගත හැකිය. අනික ඇසුවා කියා මේ රටේ මිනිස්සු ඡන්දය ගැන තමන්ට දැනෙන දේ මිස, සමී­ක්ෂණ සිදු කර උත්තර දෙන්නේ ද නැත. සෑම උප­ක­ල්ප­න­යක් සඳ­හාම ඒ ඒ නිරී­ක්ෂ­ක­යාගේ අභි­ප්‍රාය ද අඩංගු වන්නේය. මේ නිසා යමෙක් තත්ත්වය පව­සන්නේ තම කැමැත්ත ද එහි ගැබ් කර­මින්ය. මේ ආදී ලෙස දහ දෙනෙ­ක්ගෙන් තත්ත්වය ඇසූ කල්හි ප්‍රති­ඵ­ලය ගැන අව­බෝ­ධ­යක් නොව සමා­ජයේ හැඩ­ත­ලය පිළි­බඳ අව­බෝ­ධ­ය­කට පැමි­ණිය හැකිය.

වෙනදා නම් සමී­ක්ෂණ සිදු කරන්නේ පූර්ව තත්ත්වය පැහැ­දිලි කිරීම උදෙ­සාය. මේ කාලයේ සමී­ක්ෂණ යනු ද ඒ ඒ පක්ෂයේ ප්‍රචා­රණ යන්ත්‍ර­ණයේ කොට­සකි. වෙනම කණ්ඩා­යම් යොදවා මේස­යක් වටා හිඳ ගත් පිරි­සක් සිය අපේ­ක්ෂ­ක­යාගේ ගොඩ වැඩි වෙන සේ දිස්ත්‍රි­ක්ක­යෙන් දිස්ත්‍රි­ක්ක­යට ප්‍රති­ඵල වගු­ගත කරති. ඒවා ප්‍රස්තාර, වගු යොදවා වර්ණ­වත් කරති. සත්‍යය ලෙස පෙනෙන ආකා­ර­යට ඒ සඳහා සංවි­ධා­න­යක නමක් යොදා, ඊ මේල් සහ වට්ස් ඇප් මඟින් වටේට බෙදා හරිති. තමන්ගේ සිතැඟි පක්ෂය, සමී­ක්ෂ­ණයේ ජය­ග්‍ර­හ­ණය කර ඇත්තේ නම්, බලන කෙනා එයට රුචිය. එසේ නොමැති නම් එය අහ­වල් කණ්ඩා­යමේ නිපැ­යු­මක් ලෙස බැහැර කර­න්නේය. බලන්නා සේම නිර්මා­ණය කරන්නා ද එක ලෙසම සිය පැත්තට බරව තීන්දු ගන්නවා මිස, සැබෑ ලෝකය සඳහා යන්නේ නැත. මේ නිහඬ කාල­යේදී ජන මනස වෙනස් කිරී­මට සහ සිය පිල උදෙසා ඔය ආකා­රයේ සමී­ක්ෂණ, සමාජ මාධ්‍ය හරහා ප්‍රචා­ර­ණය වීමේ ඉඩ­කඩ බහු­ලය. නිහඬ කාලය යනු අනෙකා නඟන ශබ්දය වැළැ­ක්වීම පම­ණක් නොවේ. මේ ආකා­රයේ වංගු ගසන ප්‍රචා­රණ සඳහා හසු නොවී සිටීම ද එයට ඇතු­ළත්ය.

2016 වසරේ පැවති එක්සත් ජන­පද ජනා­ධි­ප­ති­ව­ර­ණය මේ ආකා­රයේ සමී­ක්ෂණ වංචා­වක ගිලී ගියේය. සමාජ මාධ්‍ය පම­ණක් නොව විධි­මත් සාම්ප්‍ර­දා­යික මාධ්‍ය පවා සිය සමී­ක්ෂණ මඟින් ජය තහ­වුරු කර තිබුණේ හිලරි ක්ලින්ට­න්ගේය. ඇයගේ ජය­ග්‍ර­හ­ණය පිළි­බඳ වූ සමී­ක්ෂණ හේතු­වෙන් එක්සත් ජන­ප­දයේ බොහෝ වැසියෝ අනු­මාන කරන ලද්දේ එරටට පළමු වරට කාන්තා ජනා­ධි­ප­ති­නි­යක් ලැබෙනු ඇති බවය. ප්‍රති­ඵල නිකුත් වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනා­ධි­පති බවට පත්වී­මෙනි.

මේ ආකා­රයේ වංගු සඳහා ඉදිරි පැය විසි හතර භාවිත කළ හැක්කේ බැවින් ඡන්ද දාය­කයෝ ‘තත්ත්වේ කොහො­ම­දැයි’ වට ගසා සොයන්නේ නැතිව සිටින්නේ නම් ‘නිහඬ කාලයේ’ අර්ථය පූර්ණ වනවා ඇත.

තව පැය හත­ළිස් අටක් ඇතු­ළත මේ රටේ ඊළඟ නාය­කයා කවු­දැයි දැන­ගත හැක්කේ බැවින්, එහෙ මෙහේ යන උගුල් ඔළුවේ පට­ලවා ගන්නේ නැතිව තමන්ගේ ඡන්දය භාවිත කර ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සඳහා ජය­ග්‍ර­හ­ණය අත්කර දෙන ලෙස මේ තීරුව ජන­යා­ගෙන් ඉල්ලා සිටි­න්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT