Thursday, April 24, 2025
Home » තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට රනිල් විල්අද්දරගේ පදනමෙන් “jobonline.lk”

තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට රනිල් විල්අද්දරගේ පදනමෙන් “jobonline.lk”

by Gayan Abeykoon
September 20, 2024 1:23 am 0 comment

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදා කර දීම සදහා “රනිල් විල්අද්දරගේ පදනම” විසින් jobonline.lk වෙබ් අඩවිය එහි සභාපති රනිල් විල්අද්දරගේ මහතා විසින් එළිදක්වනු ලැබීය.

මෙම වෙබ් අඩවිය එළිදැක්වීම පිළියන්දල සුසිරි උත්සව ශාලාවේදී සිදු කරනු ලැබීය.

Gflock ආයතනය මෙන්ම අනෙකුත් ප්‍රධාන පෙළේ ව්‍යාපාර තුළ පවතින පුරප්පාඩු හදුනාගෙන අදාළ රැකියා අවස්ථා තරුණ තරුණියන්ට උදා කරදීම මෙහි අරමුණයි. සිය අධ්‍යාපන හා වෘත්තීය පුහුණුව මත ඔවුනට සුදුසු රැකියාවන් සොයාගැනීම සඳහා නිවැරදි මඟ පෙන්වීම මෙම වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය. ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනවල පවතින පහළ ශ්‍රේණියේ සිට විධායක ශ්‍රේණිය දක්වා වූ විවිධ රැකියා අවස්ථාවන්වලට යොමු වීමට මෙම වෙබ් අඩවිය හරහා හැකියාව පවතී.

මෙහිදී අදහස් දැක්වූ රනිල් විල්අද්දරගේ මහතා,

Gflock ආයතනය තුළ පමණක් මසකට රැකියා අවස්ථාවන් 10 ක් පමණ පුරප්පාඩු වන අතර, එම රැකියා මෙම වෙබ් අඩවිය හරහා සුදුසුකම් සපුරාලන අය වෙනුවෙන් ලබාදීමට කටයුතු කරනවා. අද අපේ ව්‍යාපාරයට පවා අවශ්‍ය සේවකයින්, වෘත්තිකයින් සොයාගැනීම අපහසු වී තියෙනවා. එම නිසා මෙවැනි වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ ඉහළ අවශ්‍යතාවයක් තිබුණා. ඒ හරහා පෞද්ගලික අංශයට අවශ්‍ය සුදුසු පුද්ගලයින් හඳුනා ගැනීමට අවස්ථාව ලැබීම වඩාත් වැදගත් වෙනවා. තමන්ගේ අයදුම්පත්‍රය මෙම වෙබ් අඩවියට ඇතුළත් කිරීමට අවස්ථාව සලසා දී තිබෙන අතර, අදාළ ව්‍යාපාර ආයතන වෙත අවශ්‍ය සේවකයින් හඳුනා ගැනීමට එමඟින් අවස්ථාව ලැබී තිබෙනවා. එමෙන්ම මෙහි පළවන රැකියා පුරප්පාඩු සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ හරහා අපහසුතාවයකින් තොරව සිය රැකියා අවස්ථාවන් සොයාගැනීමට මෙම වෙබ් අඩවිය හරහා පහසුකම් සලසා තිබීම වැදගත් කාරණයක්. “jobonline.lk” වෙබ් අඩවිය රැකියාවක් සොයන තරුණ තරුණියන්ට කඩිනමින් සිය සුදුසුකම් මත රැකියා අවස්ථාව උදාකර දීම අප‌ගේ අරමුණ බව එහි සභාපති රනිල් විල්අද්දරගේ මහතා වැඩිදුරටත් පැවසීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT