Home » වික්ටෝ­රි­යා­වෙන් ගිලි­හුණු පොදු රද මඬුලු ක්‍රීඩා උලෙළ ග්ලාස්ගෝව් වෙතට

වික්ටෝ­රි­යා­වෙන් ගිලි­හුණු පොදු රද මඬුලු ක්‍රීඩා උලෙළ ග්ලාස්ගෝව් වෙතට

by Gayan Abeykoon
September 19, 2024 1:00 am 0 comment

ප්රින්ස් ගුණ­සේ­කර

පොදු­ රාජ්‍ය මණ්ඩ­ල­යීය ක්‍රීඩා උලෙළේ විය­දම් දැරී­මට නොහැකි බව පවසා ඔස්ට්‍රේ­ලි­යාවේ වික්ටෝ­රියා නග­රය සත්කා­ර­ක­ත්ව­යෙන් ඉව­ත්වී­මෙන් පසු ස්කොට්ල­න්තයේ ග්ලාස්ගෝව් නග­රය එහි සත්කා­ර­ක­ත්වය දැරි­මට කැමැත්ත පළ කළේය. මේ හේතු­වෙන් මීළඟ පොදු රාජ්‍ය මණ්ඩ­ල­යීය ක්‍රීඩා උලෙළ වසර 2026දී ස්කොට්ල­න්තයේ ග්ලාස්ගෝ­ව්හිදී පැවැත්වේ.

මේ සඳහා පොදු රාජ්‍ය මණ්ඩ­ල­යීය ක්‍රීඩා සම්මේ­ල­නය පවුම් මිලි­යන 100ක ආයෝ­ජ­න­යක් පොරොන්දු වූ අතර, එක්සත් රාජ­ධා­නිය සහ ඔස්ට්‍රේ­ලි­යාව ක්‍රීඩා උලෙ­ළට මූල්‍ය සහාය ලබා­දීම සහ­තික කළහ.

මෙයට පෙර පොදු­ රාජ්‍ය මණ්ඩ­ල­යීය ක්‍රීඩා උලෙ­ළට 2014දී ස්කොට්ල­න්තයේ ග්ලාස්ගෝව් සත්කා­ර­ක­ත්වය සැපයූ අතර, සංවි­ධා­ය­ක­යන් සමඟ පැවැති දීර්ඝ සාක­ච්ඡා­ව­ලින් පසුව, ස්කොට්ලන්ත රජය 2026 ක්‍රීඩා උලෙළ පැවැ­ත්වී­මට අත්සන් තැබීය. එහෙත් 2026දී ක්‍රීඩා ඉසව් ගණන අඩු කිරී­මට සූදා­න­මක් ඇතැයි පැවසේ.

2026 ඉසව්ව අව­ලංගු කිරී­මෙන් පසු වික්ටෝ­රි­යානු රජය විසින් පොදු රාජ්‍ය මණ්ඩ­ල­යීය ක්‍රීඩා සම්මේ­ල­න­යට වන්දි මුද­ලක් ගෙවා ඇති අතර, එම මුද­ලද ග්ලාස්ගෝව් වෙත ලබා­දී­මට එක­ඟවී ඇත. පොදු රාජ්‍ය මණ්ඩ­ල­යීය ක්‍රීඩා උලෙළේ අව­සාන විය­දම් පියවා ගැනී­මට අපො­හො­සත් වුව­හොත් එක්සත් රාජ­ධානි රජය හදිසි අර­මු­දල් සඳහා පවුම් මිලි­යන 2.3ක් ලබා දීමට එකඟ වී ඇත.

1911දී ලන්ඩ­නයේ පැවැ­ත්වී­මෙන් පසු 1930දී කැන­ඩාවේ නිල වශ­යෙන් ආරම්භ වූ මේ ක්‍රීඩා උලෙළ බ්‍රිතාන්‍ය අධි­රාජ්‍ය ක්‍රීඩා උලෙළ ලෙස ද හැඳි­න්වුණි. ශ්‍රී ලංකාව මෙතෙක් මේ ක්‍රීඩා උලෙළේ රන් පද­ක්කම් 4ක්, රිදි පද­ක්කම් 9ක් හා ලෝකඩ පද­ක්කම් 11ක් දිනා ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT