39
බේරුවල පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් බේරුවල පොලිස් වසමේ කරඳගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 258යි, මිලිග්‍රෑම් 960ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බේරුවල පොලිස් ආරංචි මාර්ග පවසයි.
නිලධාරීන් කරඳගොඩ, බේරුවල ප්‍රදේශයේ අපරාධ නිවාරණ වැටලීම් රාජකාරියේ යෙදී සිටියදී සැකකරු එම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පදිංචි නිවස ආසන්නයේදී මෙසේ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
වයස අවුරුදු 50ක් වූ සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.