Sunday, April 20, 2025
Home » ‘කුඩු රාජා’ගේ පවුලේ තවත් සාමා­ජි­කා­වක් කුඩුත් සමඟ මාට්ටු

‘කුඩු රාජා’ගේ පවුලේ තවත් සාමා­ජි­කා­වක් කුඩුත් සමඟ මාට්ටු

by Gayan Abeykoon
September 19, 2024 1:00 am 0 comment

මීග­හ­තැන්න සමූහ කළු­තර මධ්යම සමූහ - සුනිල් ස්ටැන්ලි

පවුලේ සාමා­ජි­ක­යින් හවුලේ මත්කුඩු ජාවා­රමේ නිර­ත­වෙ­මින් සිටි බුල­ත්සිං­හල Òකුඩු රාජාÓගේ පවුලේ තවත් සාමා­ජි­කා­වක් හෙරො­යින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි, මිලි­ග්‍රෑම් 470ක් සමඟ ඉකුත් 16 වැනිදා බුල­ත්සිං­හල දී අත්අ­ඩං­ගු­වට ගත් බව බුල­ත්සිං­හල පොලි­සිය පව­සයි.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ බුල­ත්සිං­හල නග­ර­යට කුඩු බෙදා­හැ­රීම සිදු කළ කුඩු පවුලේ සාමා­ජි­කා­වක් වන 34 හැවි­රිදි කාන්තා­වක් බවත් ඇයගේ පවුලේ මව, පියා, සහෝ­ද­රයා, නෑනා ඇතුළු පවුලේ සිය­ලුම සාමා­ජි­ක­යන් හෙරො­යින් මත් ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බ­න්ධ­යෙන් මේ වන විට සැක­ක­රු­වන් වී රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටින අය­ව­ලුන් බවද බුල­ත්සිං­හල පොලි­සිය පව­සයි.

බුල­ත්සිං­හල පොලි­සියේ බුද්ධි අංශ නිල­ධා­රි­යෙකු වන වන්නි­නා­යක මහ­තාට ලද තොර­තු­රක් අනුව බුල­ත්සිං­හල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චන්දන විදා­නගේ මහ­තාගේ උප­දෙස් මත අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති දුලාං­ජන ඒක­නා­යක මහතා ඇතුළු නිල­ධා­රීන් සිදු­කළ වැට­ලී­ම­කදී සැක­කා­රිය අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT