Tuesday, April 22, 2025
Home » පෝයදා බල­ප­ත්‍ර‍ ­නැති අරක්කු විකු­ණලා අව­න්හල් කළ­ම­නා­කරු ඇතුළු තිදෙ­නෙක් දැලේ

පෝයදා බල­ප­ත්‍ර‍ ­නැති අරක්කු විකු­ණලා අව­න්හල් කළ­ම­නා­කරු ඇතුළු තිදෙ­නෙක් දැලේ

by Gayan Abeykoon
September 19, 2024 1:00 am 0 comment

දෙහි­වල - ඩී.පී.හේරත්

ගල්කිස්ස පොලිස් වසමේ විහාර පාර පෞද්ග­ලික අව­න්හ­ලක හා අත්ති­ඩිය වෙ‍ෙළ­ඳ­ස­ලක බල­පත්‍ර නොමැ­තිව රජයේ අරක්කු, බියර් අලෙවි කළ පුද්ග­ල­යින් තිදෙ­නකු ඉකුත් (17) බිනර පෝය දින අත්අ­ඩං­ගු­වට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය සඳ­හන් කරයි.

සැක­ක­රු­වන් සන්ත­කයේ තිබී බියර් ටින් 2ක් අරක්කු මිලි­ලී­ටර් 555ක් ද අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය පව­සයි.

පොලිස් උපාය දූත­යෙකු යොදවා බියර් ටින් තුනක් මිලට ගැනී­මෙන් පසුව මෙම වැට­ලීම සිදු­කළ බව පොලි­සිය කියයි.

මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ගල්කිස්ස, විහාර පාර වෙරළ තීරයේ පෞද්ග­ලික අව­න්හ­ලක සිටි කළ­ම­නා­කරු හා සේව­ක­යන් තිදෙ­නෙකි.

අදාළ අව­න්හලේ කළ­ම­නා­කරු වෙඩි­කන්ද ප්‍රදේ­ශයේ පදිංචි වයස අවු­රුදු 57ක් වන අතර ඔහු සන්ත­කයේ තිබී බියර් ටින් හත­රක් පොලි­සිය අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි.

ගල්කිස්ස විහාර පාර පදිං­චිව සිටින එම අව­න්හලේ සේව­කයා වයස අවු­රදු 63ක් වන අතර ඔහු සන්ත­කයේ තිබී බියර් ටින් 17ක් ද, පොලි­සිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

අනෙක් තැනැත්තා වයස අවු­රුදු 43ක් වන පුද්ග­ල­යෙකු වන අතර ඔහු සන්ත­කයේ තිබී අරක්කු මිලි­ලී­ටර් 555ක් සහ බියර් ටින් හයක් අත්අ­ඩං­ගු­වට ගත් බව ද පොලි­සිය කියයි.

මෙහි වැඩි­දුර පරී­ක්ෂණ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලි­ස්‌ ­අ­ධි­කාරි ප්‍රසන්න බ්‍රාහ්ම­ණගේ මහ­තාගේ අධී­ක්ෂ­ණය මත ගල්කිස්ස කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක අමිල ගෝවින්න මහ­තාගේ උප­දෙස් අනුව උප පොලි­ස්‌ ­ප­රී­ක්ෂක දිසා­නා­යක මහ­තාගේ මෙහෙ­ය­වීම මත පොලි­ස්‌ ­කො­ස්තා­ප­ල්ව­රුන් වන (81753) හේමන්ත, (92693) සේනා­රත්න, (97397) දෙහි­ගම, (97522) රන්දිය, (30177) සංජීව, (26454) රණ­සිංහ, (99142) ජය­තිස්ස, (102364) බුද්ධික පොලිස් කොස්තා­පල් රියැ­දුරු (97027) මුතු­මාල යන නිල­ධා­රීන් විසින් සිදු කර­ගෙන යනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT