ගල්කිස්ස පොලිස් වසමේ විහාර පාර පෞද්ගලික අවන්හලක හා අත්තිඩිය වෙෙළඳසලක බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු, බියර් අලෙවි කළ පුද්ගලයින් තිදෙනකු ඉකුත් (17) බිනර පෝය දින අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
සැකකරුවන් සන්තකයේ තිබී බියර් ටින් 2ක් අරක්කු මිලිලීටර් 555ක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිස් උපාය දූතයෙකු යොදවා බියර් ටින් තුනක් මිලට ගැනීමෙන් පසුව මෙම වැටලීම සිදුකළ බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස, විහාර පාර වෙරළ තීරයේ පෞද්ගලික අවන්හලක සිටි කළමනාකරු හා සේවකයන් තිදෙනෙකි.
අදාළ අවන්හලේ කළමනාකරු වෙඩිකන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57ක් වන අතර ඔහු සන්තකයේ තිබී බියර් ටින් හතරක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.
ගල්කිස්ස විහාර පාර පදිංචිව සිටින එම අවන්හලේ සේවකයා වයස අවුරදු 63ක් වන අතර ඔහු සන්තකයේ තිබී බියර් ටින් 17ක් ද, පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අනෙක් තැනැත්තා වයස අවුරුදු 43ක් වන පුද්ගලයෙකු වන අතර ඔහු සන්තකයේ තිබී අරක්කු මිලිලීටර් 555ක් සහ බියර් ටින් හයක් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.
මෙහි වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ අධීක්ෂණය මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතාගේ උපදෙස් අනුව උප පොලිස් පරීක්ෂක දිසානායක මහතාගේ මෙහෙයවීම මත පොලිස් කොස්තාපල්වරුන් වන (81753) හේමන්ත, (92693) සේනාරත්න, (97397) දෙහිගම, (97522) රන්දිය, (30177) සංජීව, (26454) රණසිංහ, (99142) ජයතිස්ස, (102364) බුද්ධික පොලිස් කොස්තාපල් රියැදුරු (97027) මුතුමාල යන නිලධාරීන් විසින් සිදු කරගෙන යනු ලබයි.