Home » ත්‍රිරෝද රියක් සහ වෑන් රථයක් ගැටී සිඟි­ත්තෙක් එතැනම මරුට

ත්‍රිරෝද රියක් සහ වෑන් රථයක් ගැටී සිඟි­ත්තෙක් එතැනම මරුට

by Gayan Abeykoon
September 19, 2024 1:00 am 0 comment

සිරි­පුර - මදු­ෂාණි අබේ­සිංහ

පොලො­න්න­රුව – මහි­යං­ග­ණය ප්‍රධාන මාර්ගයේ සඳු­න්පුර පාලම අස­ලදී පෙරේදා (17)  රාත්‍රී දහ­යට පමණ ත්‍රිරෝද රථ­යක් සහ වෑන් රථ­යක් එකි­නෙක ගැටී වූ අන­තු­රෙන් අවු­රුදු තුන­හ­මා­රක් වය­සැති පිරිමි දරු­වකු එම ස්ථාන­යේ­දීම මිය­ගොස් ඇති බව දෙහි­අ­ත්ත­ක­ණ්ඩිය පොලි­සිය පව­සයි.

මේ අන­තු­රින් මිය­ගොස් ඇත්තේ දෙහි­අ­ත්ත­ක­ණ්ඩිය, බක්මී­දෙ­ණිය අංක 249 පදිංචි එම්.එම්. පුලිදු චාතුර්ය නමැති දරු­වකු පොලි­සිය කියයි.

අන­තු­රින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් මිය­ගිය දරු­වාගේ මව සහ පියා ඇතුළු තිදෙ­නකු තුවාල ලබා දෙහි­අ­ත්ත­ක­ණ්ඩිය ප්‍රදේ­ශීය රෝහ­ලට ඇතු­ළත් කර ඇති බව පරී­ක්ෂණ කරන දෙහි­අ­ත්ත­ක­ණ්ඩිය පොලි­සිය සඳ­හන් කරයි.

මේ අන­තු­රෙන් වෑන් රථයේ රියැ­දුරු සහ ඔහු සමඟ අනෙත් පුද්ග­ලයා ද තුවාල ලබා දෙහි­අ­ත්ත­ක­ණ්ඩිය ප්‍රාදේ­ශීය රෝහලේ ප්‍රති­කාර ලබන බව පොලි­සියේ සඳ­හන් කරයි.

අන­තු­රට සම්බන්ධ වෑන් රථයේ රියැ­දුරු දෙහි­අ­ත්ත­ක­ණ්ඩිය පොලි­සිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

ත්‍රිරෝද රථයේ ගමන් ගත් පිරිස හඟු­ර­න්කෙත ඥාති නි‍ෙව­ස­කට ගොස් ආපසු දෙහි­අ­ත්ත­ක­ණ්ඩිය, බක්මී­දෙ­ණිය නි‍ෙවස දක්වා එමින් සිටි­යදී ත්‍රිකු­ණා­ම­ලයේ සිට දෙහි­අ­ත්ත­ක­ණ්ඩිය, මැද­ගම දක්වා ගමන් කර­මින් තිබූ  වෑන් රථ­යක ගැටී මේ අන­තුර සිදුව ඇති අතර අන­තු­රට හේතුව වෑන් රථයේ රියැ­දු­රුට නින්ද යෑම බව ද ඒ පිළි­බඳ පරී­ක්‍ෂණ සිදු කරන දෙහි­අ­ත්ත­ක­ණ්ඩිය පොලි­සිය සඳ­හන් කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT