මැතිවරණ රාජකාරී කටයුතු සඳහා සහභාගි වන රාජ්‍ය නිලධාරින්, සහ ආරක්ෂක අංශයේ සේවයේ නියතු නිලධාරින් සඳහා විශේෂ දුම්රිය සේවයක් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම දුම්රියන් ධාවනය වන්නේ කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතරයි.
කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන දුම්රිය අද (19) සිට 21 වනදා දක්වා ධාවනය වෙයි.
එම දුම්රිය පෙ.ව 9.00ට කොළඹ කොටුවෙන් පිටත්වී පෙ.ව 10.37 පමණ වනවිට කුරුණෑගලට ළඟාවීමට නියමිතයි.
පසුව එම දුම්රිය ප.ව 1.10ට පමණ වනවිට අනුරාධපුරයට පැමිණ ප.ව 4.36 වනවිට කන්කසන්තුරය වෙත ළඟා වීමට අපේක්ෂා කරයි.
කන්සන්තුරයේ සිට කොළඹ කොටුව දක්වා ඇති දුම්රිය ධාවනය වන්නේ 20 වනදා සහ 22 වනදායි.
එම දුම්රිය මධ්‍යාහන 12.00 පමණ වනවිට කන්කසන්තුරයෙන් පිටත්වි ප.ව 03.17 වනවිට අනුරාධපුරයෙන් පිටත්වේ.ප.ව 05.57ට කුරුණෑගලින් පිටත්වෙන මෙම දුම්රිය ප.ව 07.35 වනවිට කොළඹ කොටුවට ළඟාවීමට නියමිතයි.