Monday, April 21, 2025
Home » ලේක්හ­වුස් මාධ්‍ය ඇක­ඩ­මිය නව පරි­ශ්‍ර­යක විවෘත කිරීම අද

ලේක්හ­වුස් මාධ්‍ය ඇක­ඩ­මිය නව පරි­ශ්‍ර­යක විවෘත කිරීම අද

by Gayan Abeykoon
September 19, 2024 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා දැනු­මැති, වග­කී­ම්ස­හ­ගත, නිර්මා­ණ­ශීලී මාධ්‍ය පර­පු­රක් බිහි කිරීමේ අර­මුණ ඇතිව ලංකාවේ සීමා­ස­හිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා­ගම විසින් ආරම්භ කරන ලද ලේක්හ­වුස් මාධ්‍ය ඇක­ඩ­මිය ලේක්හ­වුස් ආය­ත­න­යේම වඩා පහ­සු­කම් සපිරි නව පරි­ශ්‍ර­යක විවෘත කිරීමේ උත්ස­වය අද (19) ලේක්හ­වුස් ආය­ත­නයේ සභා­පති මහා­චාර්ය හරේන්ද්‍ර කාරි­ය­ව­සම් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කෙරේ. පාඨ­මාලා හදා­රන ශිෂ්‍ය ශිෂ්‍යා­වන්ට මල්ටි මීඩියා පහ­සු­කම් සහිත වායු­ස­මී­ක­ර­ණය කළ ශ්‍රව­ණා­ගා­ර­යක්, අංග සම්පූර්ණ පරි­ග­ණක විද්‍යා­ගා­ර­යක් වැනි පහ­සු­ක­ම්ව­ලින් ලේක්හ­වුස් මාධ්‍ය ඇක­ඩ­මියේ නව පරි­ශ්‍රය සම­න්විත වන අතර ඉදි­රි­යේදී මාධ්‍ය හා මාධ්‍ය නොවන පාඨ­මාලා රැසක් හඳු­න්වා­දී­මට ද ලේක්හ­වුස් මාධ්‍ය ඇක­ඩ­මිය කට­යුතු සංවි­ධාන කර ඇත.

මේ වන විට මාධ්‍ය සන්නි­වේ­දන හා ඩිජි­ටල් මාධ්‍ය සන්නි­වේ­දන යන විෂය ක්ෂේත්‍ර­ව­ලට අදා­ළව ඩිප්ලෝමා පාඨ­මාලා ද්විත්ව­යක් ලේක්හ­වුස් මාධ්‍ය ඇක­ඩ­මියේ මෙහෙ­ය­වී­මෙන් ඉතාම සාර්ථක ලෙස සිදු­වන අතර මාධ්‍ය සන්නි­වේ­දන ඩිප්ලෝමා පාඨ­මා­ලාව දමිළ මාධ්‍ය­යෙන් පැවැ­ත්වී­ම­ටද අය­දු­ම්පත් කැඳවා තිබේ. මීට අම­ත­රව රූප­වා­හිනී, ගුව­න්වි­දුලි ප්‍රවෘත්ති නිවේ­දක, වැඩ­ස­ට­හන් නිවේ­දක, හඬ­කැ­වීම් හා හඬ පාල­නය, ප්‍රති­භා­න්විත රංග­නය, මංගල ඡායා­රූ­ප­ක­ර­ණය, යූටි­යුබ් නිර්මා­ණ­ක­ර­ණය, කෙටි චිත්‍ර­පට නිර්මා­ණ­ක­ර­ණය, වාස්තු විද්‍යා, රාජ්‍ය බදු වැනි විවිධ විෂය ක්ෂේත්‍ර­යන් හා අදාළ එක්දින වැඩ­මුළු ගණ­නා­වක්ද එම ඇක­ඩ­මිය මඟින් සංවි­ධාන කර ඇති අතර ඉදිරි කාලයේ තවත් එවැනි ඵල­දායි වැඩ­මුළු රැසක් පැවැ­ත්වී­ම­ටද කට­යුතු සූදා­නම් කර තිබීම විශේ­ෂ­ත්ව­යකි.

ලේක්හ­වුස් මාධ්‍ය ඇක­ඩ­මිය නව පරි­ශ්‍රයේ විවෘත කිරීමේ අව­ස්ථා­වට සම­ගා­මීව තරුණි, මිහිර, බුදු­ස­රණ, සුබ­සෙත, සර­ස­විය යන ලේක්හ­වුස් වාර ප්‍රකා­ශ­න­යන්හි කර්තෘ මණ්ඩල කට­යුතු වඩාත් විධි­මත් අයු­රින් කර­ගෙන යෑමට පහ­සු­කම් සල­ස­මින් ඒ වෙනු­වෙන්ම ස්ථාපිත කරන ලද වාර ප්‍රකා­ශන නව පරි­ශ්‍රය එම කර්තෘ මණ්ඩල වෙත පව­ර­මින් ලේක්හ­වුස් සභා­පති, අධ්‍යක්ෂ මණ්ඩ­ලය, සාමා­න්‍යා­ධි­කාරී හා ආය­ත­නයේ ඉහළ කළ­ම­නා­කා­රි­ත්වය කර්තෘ මණ්ඩල නිරී­ක්ෂ­ණය කිරීම සඳහා ද සහ­භා­ගි­වී­මට නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT