පොලිස් අණ නොතකා ගිය සුඛෝපභෝගී මෝටර් රථයක් ධාවනය කළ අයෙකු එළඹෙන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පැල්මඬුල්ල වැඩබලන මහේස්ත්‍රාත් චමත් සුරවීර මහතා නියෝග කළේය.
ගංජා ග්‍රෑම් 105ක් තහනම් පිහියක් ළග තබාගෙන සිටිම, අපරික්ෂාකාරී රිය ධාවනය සහ මත්පැන් පානය කර රිය ධාවනය කිරීම යන චෝදනා අනුව සැකකරු පසුගිය 15 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ප්‍රභූවරයකු මෙන් සුඛෝපභෝගී මෝටර් රථයක සයිරන් නලා නාද කරමින්, එම වාහනයේ වී.අයී.පී. විදුලි පහන් දල්වාගෙන සැකකරු රිය ධාවනය කර පොලිස් අණ නොතකා යද්දී කහවත්ත පොලිසියේ නිලධාරියෙකු ඔහු පසුපස ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබේ.
එම වාහනය වැල්ලදුර ප්‍රදේශයේ නවතා ඇති අතර පොලිස් නිලධාරියා එම ප්‍රදේශයේ රාජකාරි කරද්දී යළිත් සැකකරු ඔහුගේ වාහනය අධික වේගයෙන් අපරික්ෂාකාරි ලෙස ධාවනය කර ඇති අතර සයිරන් නලා නාද කරමින් එලෙස ධාවනය කරමින් තවත් වාහන කිහිපයකට අපරික්ෂාකාරී ලෙස ඉස්සර කළ නිසා නවත්වන ලෙස පොලිස් නිලධාරියා නියෝග කළ ද එය නොසලකා හැර ඉදිරියට ධාවනය කර තිබේ.
ඒ අවස්ථාවේදී රථවාහන පොලිස් නිලධාරීයා ඔහුගේ යතුරුපැදියෙන් සැකකරු ලුහුබැඳ ඇතැයි ද සැකකරු රත්නපුර ඇඹිළිපිටිය ප්‍රධාන මාර්ගයේ සිට වැල්ලදුර අරුක්මුල්ල අතුරු මාර්ගයට වාහාන හරවා ධාවනය කර ඇතැයි ද පොලිසිය පවසයි. එම ප්‍රදේශයේ සුසාන භූමි පාරේ වාහනය නවතා ඇති අතර ඒ අවස්ථාවදී ඔහු ලුහුබැඳ ගිය පොලිස් නිලධාරියා ද එතැනට පැමිණ තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනිමට යෑමේදී ඔහු පොලිස් නිලධාරියාට බාධා කරමින් හැසිරිම නිසා ඔහු පාලනය කරගැනීමට තවත් පොලිස් නිලධාරියෙකු ද කැඳවීමට සිදුවී ඇත. සැකකරු කහවත්ත මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය පරික්ෂණයට යොමු කළ විට ඔහු බීමත්ව සිටි බව හෙළි වූ බව පොලිසිය පවසයි. ගංජා ග්‍රෑම් එකසිය පහක්ද රම්බෝ පිහියක් ද සැකකරු ළඟ තිබී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.