Home » අණ නොතකා ගිහින් රිමාන්ඩ් වෙයි

අණ නොතකා ගිහින් රිමාන්ඩ් වෙයි

by Gayan Abeykoon
September 19, 2024 1:00 am 0 comment

කහ­වත්ත - නිරෝ­ෂණ පෙරේරා

පොලිස් අණ නොතකා ගිය සුඛෝ­ප­භෝගී මෝටර් රථ­යක් ධාව­නය කළ අයෙකු එළ­ඹෙන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට පැල්ම­ඬුල්ල වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් චමත් සුර­වීර මහතා නියෝග කළේය.

ගංජා ග්‍රෑම් 105ක් තහ­නම් පිහි­යක් ළග තබා­ගෙන සිටිම, අප­රි­ක්ෂා­කාරී රිය ධාව­නය සහ මත්පැන් පානය කර රිය ධාව­නය කිරීම යන චෝදනා අනුව සැක­කරු පසු­ගිය 15 වැනිදා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබුණි.  ප්‍රභූ­ව­ර­යකු මෙන් සුඛෝ­ප­භෝගී මෝටර් රථ­යක සයි­රන් නලා නාද කර­මින්, එම වාහ­නයේ වී.අයී.පී. විදුලි පහන් දල්වා­ගෙන සැක­කරු රිය ධාව­නය කර පොලිස් අණ නොතකා යද්දී කහ­වත්ත පොලි­සියේ නිල­ධා­රි­යෙකු ඔහු පසු­පස ලුහු­බැඳ ගොස් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

එම වාහ­නය වැල්ල­දුර ප්‍රදේ­ශයේ නවතා ඇති අතර පොලිස් නිල­ධා­රියා එම ප්‍රදේ­ශයේ රාජ­කාරි කරද්දී යළිත් සැක­කරු ඔහුගේ වාහ­නය අධික වේග­යෙන් අප­රි­ක්ෂා­කාරි ලෙස ධාව­නය කර ඇති අතර සයි­රන් නලා නාද කර­මින් එලෙස ධාව­නය කර­මින් තවත් වාහන කිහි­ප­ය­කට අප­රි­ක්ෂා­කාරී ලෙස ඉස්සර කළ නිසා නව­ත්වන ලෙස පොලිස් නිල­ධා­රියා නියෝග කළ ද එය නොස­ලකා හැර ඉදි­රි­යට ධාව­නය කර තිබේ.

ඒ අව­ස්ථා­වේදී රථ­වා­හන පොලිස් නිල­ධා­රීයා ඔහුගේ යතු­රු­පැ­දි­යෙන් සැක­කරු ලුහු­බැඳ ඇතැයි ද සැක­කරු රත්න­පුර ඇඹි­ළි­පි­ටිය ප්‍රධාන මාර්ගයේ සිට වැල්ල­දුර අරු­ක්මුල්ල අතුරු මාර්ග­යට වාහාන හරවා ධාව­නය කර ඇතැයි ද පොලි­සිය පව­සයි.  එම ප්‍රදේ­ශයේ සුසාන භූමි පාරේ වාහ­නය නවතා ඇති අතර ඒ අව­ස්ථා­වදී ඔහු ලුහු­බැඳ ගිය පොලිස් නිල­ධා­රියා ද එතැ­නට පැමිණ තිබේ.

සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනි­මට යෑමේදී ඔහු පොලිස් නිල­ධා­රි­යාට බාධා කර­මින් හැසි­රිම නිසා ඔහු පාල­නය කර­ගැ­නී­මට තවත් පොලිස් නිල­ධා­රි­යෙකු ද කැඳ­වී­මට සිදුවී ඇත.  සැක­කරු කහ­වත්ත මූලික රෝහලේ අධි­ක­රණ වෛද්‍ය පරි­ක්ෂ­ණ­යට යොමු කළ විට ඔහු බීමත්ව සිටි බව හෙළි වූ බව පොලි­සිය පව­සයි. ගංජා ග්‍රෑම් එක­සිය පහක්ද රම්බෝ පිහි­යක් ද සැක­කරු ළඟ තිබී අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බව පොලි­සිය පව­සයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT