Wednesday, April 23, 2025
Home » පුපු­රන ද්‍රව්‍ය සමඟ සැක­ක­රුවෝ හත­රක් නාඋ­ලේදී කොටු

පුපු­රන ද්‍රව්‍ය සමඟ සැක­ක­රුවෝ හත­රක් නාඋ­ලේදී කොටු

by Gayan Abeykoon
September 19, 2024 1:00 am 0 comment

නාඋල සමූහ

රාත්‍රි කාලයේ නාඋල ප්‍රදේ­ශයේ සිදු කළ මුර සංචා­ර­යක දී සිදු­කළ රථ වාහන සෝදි­සි­යක දී පුපු­රන ද්‍රව්‍ය රැසක් සමඟ සැක­ක­රු­වන් සිව්දෙ­නෙකු අත්අ­ඩං­ගු­වට ගත් බව නාඋල පොලි­සිය පව­සයි.

ඊයේ (18) අලු­යම 3.00ට පමණ නාඋල සිට නිකුල දෙසට ධාව­නය වූ ත්‍රිරෝද රථ­යක් පරීක්ෂා කිරීමේ දී අඩි තුනක් දිග detonator සහිත රතු පැහැති සේවා නූල් පහක්, අගල් අටක් දිග වෝටර් ජෙල් (water jell) කූරු තුනක්, අඩි දෙක – දෙක හමා­රක් හා 28 cm විෂ්කම්භ­යක් ඇති විදින වානේ කටු­වක් හා නිල් හා ගුරු පාට ඔතන ලද මීටර් පන­හක් දිග වයර් රෝලක් පොලිස් භාර­යට ගෙන තිබේ.

ඉහත උප­ක­රණ සමඟ ගමන් ගත් සැක­ක­රු­වන් සිව්දෙ­නෙකු ද සැක පිට අත්අ­ඩං­ගු­වට ගත් බව නාඋල පොලි­සිය පව­සයි.

අත්අ­ඩං­ගු­වට පත් සැක­ක­රු­වන් නාඋල, පුස්සැ­ල්ලෑව, උඩ­ත­ල­වින්න සහ වත්තේ­ගම ප්‍රදේ­ශ­වල පදිංචි වයස අවු­රුදු 38, 48 හා 50 යන වයස් කාණ්ඩ­වල පසු­ව­න්න­නන් බව පොලි­සිය පව­සයි.

සිද්ධි­යට අදාළ සැක­ක­රු­වන් නාඋල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරි­මට නිය­මි­තව ඇත.

නාඋල පොලි­ස්ථා­නා­ධි­පති ප්‍රධාන පොලිස් පරි­ක්ෂක ටිරෝන් රත්නා­යක මහ­තාගේ උප­දෙස් පරිදි සැක­ක­රු­වන් මෙම පුපු­රන ද්‍රව්‍ය කුමන අර­මු­ණ­කින් නාඋල ප්‍රදේ­ශ­යට රැගෙ­ගන ආවේද යන්න සම්බ­න්ධ­යෙන් විශේෂ පොලිස් කණ්ඩා­ය­මක් යටතේ පරි­ක්ෂණ ආරම්භ කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT