Home » ජේ.සී.බී. යන්ත්‍ර­යක් අයි­ති­ක­රුට හොරා විකුණා රට පනින්න හැදූ අයෙක් ගුවන් තොටු­පො­ළේදී මාට්ටු

ජේ.සී.බී. යන්ත්‍ර­යක් අයි­ති­ක­රුට හොරා විකුණා රට පනින්න හැදූ අයෙක් ගුවන් තොටු­පො­ළේදී මාට්ටු

by Gayan Abeykoon
September 19, 2024 1:00 am 0 comment

දකුණු පළාත් සංචා­රක - එස්. දීය­ග­හගේ

ජේ.සී.බී. යන්ත්‍ර­යක ක්‍රියා­කරු ලෙස සිටි­මින් අයි­ති­ක­රුට නොදන්වා එය වෙනත් අයෙ­කුට විකුණා විදේ­ශ­ගත වීමට ගිය පුද්ග­ල­යෙකු කටු­නා­යක ගුවන් තොටු­පොළ නිල­ධා­රින් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ගාල්ල පොලි­සිය වෙත භාර දී තිබේ.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ තිස්ස­ම­හා­රා­මය දිය­ව­ර­ගම පදිංචි සැක­ක­රු­වෙකි.

ඇල්පි­ටිය ප්‍රදේ­ශයේ පදිංචි පුද්ග­ල­යෙ­කුට අයත් රුපි­යල් හැත්තෑ ලක්ෂ­යක් පමණ වටිනා ජේ.සී.බී. යන්ත්‍ර­ය­කට ක්‍රියා­ක­රු­වෙකු අවශ්‍ය බවට මුහු­ණු­පොත හරහා පළ­ක­රන ලද දැන්වී­මක් අනුව සැක­කරු පැමිණ ඇත. එසේ පැමිණ ටික දින­කට පසු සැක­කරු ජේ.සී.බී.යන්ත්‍රය වාල­ච්චේන ප්‍රදේ­ශයේ වැඩට ගෙන ගොස් ඇත.

එසේ ගෙන ගොස් දින කිහි­ප­යක් යන තුරු කිසිම තොර­තු­රක් නොවූ නිසාත් ඔහුගේ ජංගම දුර­ක­ත­නය ක්‍රියා විර­හිත කර තිබීම නිසාත් අයි­ති­කරු ගාල්ල පොලි­සි­යට පැමි­ණිලි කර ඇත. ඒ අනුව සැක­කරු සොයා තිස්ස­ම­හා­රා­ම­යට ගිය පොලිස් නිල­ධා­රින්ට අනා­ව­ර­ණය වී ඇත්තේ සැක­කරු කුඩා කල එම ලිපි­නයේ සිටි­යත් මවු­පි­යන් වෙන් වීම නිසා මේ වන විට එම නිවෙස හැර­ගොස් ඇති බවය.

මේ අතර සැක­කරු විදේ­ශ­ගත වීමට බලා­පො­රො­ත්තු­වෙන් සිටින බවට ලද තොර­තු­රක් අනුව පොලි­සිය අධි­ක­රණ නියෝ­ග­යක් ලබා­ගෙන සැක­කරු විදේ­ශ­ගත වීමට පැමිණි විට රඳවා තබා­ගන්නා ලෙස ආග­මන විග­මන පාල­ක­ව­ර­යාට දන්වා ඇත.

ඒ අනුව සැක­කරු කුවේට් රාජ්‍යය බලා යෑමට පැමිණි අව­ස්ථාවේ අත්අ­ඩං­ගු­වට ගෙන ගුවන් තොටු­පොළ පොලි­සි­යට භාර දී ඇත.  එහිදී කරන ලද පරී­ක්ෂ­ණ­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත්තේ සැක­කරු කිසි­දි­නක පදිංචි වී සිට නැති කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ පොලිස් ස්ථාන­ය­කින් වැල්ලව ප්‍රදේ­ශයේ පදිංචි බව සනාථ කර­මින් පොලිස් වාර්තා සහ නිෂ්කා­ශන වාර්තා ලබා­ගෙන ඇති බවය.

පසුව සැක­කරු ගාල්ල පොලි­සි­යට භාර දී තිබේ. සැක­කරු පවසා ඇත්තේ ජේ.සී.බී. යන්ත්‍රය වාල­ච්චේන ප්‍රදේ­ශයේ කුඹුරු වැඩ කර­මින් සිටි­යදී හඳු­නා­ගත් මොන­රා­ගල ප්‍රදේ­ශයේ පදිංචි අයකු සමඟ එක්ව ලොරි­යක පට­වා­ගෙන පැමිණ කඩු­වෙල ප්‍රදේ­ශයේ පුද්ග­ල­යෙ­කුට විකුණූ අතර, එහිදි තමාට රුපි­යල් ලක්ෂ දෙකක මුද­ලක් ලැබුණු බවය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT