Wednesday, April 23, 2025
Home » ඇටෝනි බල­ප­ත්‍ර­ය­කින් පැවරූ ඉඩ­මක් විකුණා මුදල් වංචා කළ අයෙක් රිමාන්ඩ්

ඇටෝනි බල­ප­ත්‍ර­ය­කින් පැවරූ ඉඩ­මක් විකුණා මුදල් වංචා කළ අයෙක් රිමාන්ඩ්

by Gayan Abeykoon
September 19, 2024 1:00 am 0 comment

මහර සමූහ - ගණිදු රෝචන සම­ර­තුංග

ඇටෝනි බල­ප­ත්‍ර­ය­කින් පව­රන ලද මහ­බාගේ ප්‍රදේ­ශයේ පිහිටි ඉඩ­මක් විකුණා රුපි­යල් එක් කෝටි විසි ලක්ෂ­යක් දෙන බවට පවසා එම මුදල් නොදී වංචා කළේ යැයි සැක­පිට අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ පුද්ග­ල­යකු නැවත මේ මස 25 වැනි දින දක්වා රිමාන්ඩ් කිරී­මට මහර අති­රේක වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් දේශාල් පෝල් මහතා ඊයේ (18) නියම කළේය.

මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් දුව­පාර, බට­ගම, ජාඇල ප්‍රදේ­ශයේ පදිංචි ඩී.ඒ.ඒ. දමිත් ඉරෝෂ් යන අය රිමාන්ඩ් කිරී­මට නියම විය. සිද්ධිය සම්බ­න්ධ­යෙන් ශාන්ත ජෝශප් පාර, කණු­වන, ජාඇල ප්‍රදේ­ශයේ පදිංචි ඩබ්ලිව්. ජෝශප් සේනානි ඩයන් සෝවිස් යන අය විසින් පෑලි­ය­ගොඩ විශේෂ අප­රාධ විම­ර්ශන අංශ­යට කළ පැමි­ණිල්ල විම­ර්ශ­නය කර සැක­කරු අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කර තිබිණි.

පෑලි­ය­ගොඩ විශේෂ අප­රාධ විම­ර්ශන අංශයේ සැර­යන් (71453) කුමාර මහතා වැඩි­දුර වාර්තා­ව­කින් පැමි­ණිල්ල ඉදි­රි­පත් කර­මින් පවසා ඇත්තේ පැමි­ණි­ලි­ක­රුගේ ඥාති­යකු ඔස්ට්‍රේ­ලි­යාවේ වාසය කරන බවත්, ඔහුට අයිති මේ මහ­බාගේ පිහිටි ඉඩම සැක­කරු විසින් ඇටෝනි බල­ප­ත්‍ර­ය­කින් ව්‍යාජ අත්සන් යොදා රුපි­යල් 1,20,00000කට විකුණා මුදල් වංචා කර ඇති බවත්ය.

මේ ඉඩම රුපි­යල් ලක්ෂ තුන් සියක් පමණ වටිනා අතර, එහිදී එම ඇටෝනි බල­ප­ත්‍ර­යට අනුව සැක­කරු විසින් එම ඉඩම විකුණා පැමි­ණි­ලි­ක­රුගේ නමට එම මුදල් බැර කළ යුතු බවට එම ඇටෝනි බල­ප­ත්‍රයේ කොන්දේ­සි­වල සඳ­හන්ව ඇතත් එම කොන්දේසි කඩ කර ඇති අතර, ඒ අනුව මේ සිද්ධිය සම්බ­න්ධව වැඩි­දුර විම­ර්ශන කට­යුතු සිදු කරන බව සැර­ය­න්ව­රයා වැඩි­දු­ර­ටත් අධි­ක­ර­ණය හමුවේ පැවැ­සීය.

ඉදි­රි­පත්වු කරුණු කෙරෙහි අව­ධා­නය යොමු කළ මහර අති­රේක වැඩ­බ­ලන මහේ­ස්ත්‍රා­ත්ව­රයා එම නියෝග නිකුත් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT