Home » ඩුබායි සිටින අප­රාධ කල්ලි නාය­ක­ය­කුගේ ප්‍රධාන ගෝල­යෙක් අධි­ක­ර­ණ­යට

ඩුබායි සිටින අප­රාධ කල්ලි නාය­ක­ය­කුගේ ප්‍රධාන ගෝල­යෙක් අධි­ක­ර­ණ­යට

by Gayan Abeykoon
September 19, 2024 1:00 am 0 comment

කටු­නා­යක - ටී. කේ. ජී. කපිල

ඩුබායි හි වාසය කරන සංවි­ධා­නා­ත්මක අප­රාධ කල්ලි නාය­ක­ය­කුගේ මෙරට සිටින ප්‍රධා­න­තම ගෝලයා පෙරේදා (17) කටු­නා­යක පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ විශේෂ නිල­ධා­රීන් පිරි­සක් විසින් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ මෙහෙ­යු­ම­කදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මොහු ආඩි­අ­ම්බ­ලම බිග් සිටි නිවාස සංකී­ර්ණයේ වාසය කරන 30 හැවි­රිදි තරු­ණ­යෙකි. මොහු සන්ත­ක­යේ­තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 200ක ප්‍රමා­ණ­යක් පොලි­සිය විසින් සොයා ගෙන තිබේ.

මොහු විවිධ ප්‍රදේ­ශ­ව­ලින් සොරා ගත් යතු­රු­පැදි සහ ත්‍රිරෝද රථ භාවිත කර­මින් මත්ද්‍රව්‍ය සිල්ලර වශ­යෙන් අලෙවි කරන ජාවා­ර­ම්ක­රු­වන්ට සැප­යීම සිදු කර ඇති අතර, තවත් අව­ස්ථා­ව­ලදී මේ වාහ­න­ව­ලින් ගොස් වෙඩි තැබීම් සහ පිහි ඇනුම් සිදු කර ඇති බව ද පොලි­සිය සිදු කළ මූලික විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය කර ගෙන තිබේ.

මොහු ඉකුත් මැයි මස 05 වැනි දින හොරණ ප්‍රදේ­ශයේ පුද්ග­ල­යකු වෙඩි තබා ඝාත­නය කිරී­මට සම්බන්ධ සිද්ධියේ පැදි­කරු ලෙස කට­යුතු කර ඇති අතර, පසු­ගි­යදා ආඩි­අ­ම්බ­ලම ප්‍රදේ­ශයේ පදිංචි පුද්ග­ල­ය­කුට ද පිහි ඇනු­මක් සිදු කර පළා­ගොස් තිබුණි. මීට අම­ත­රව ගනේ­මුල්ල පොලිස් වස­මේදී සොරා ගත් ස්කූටර් වර්ගයේ යතු­රු­පැදි දෙකක් සහ රුපි­යල් ලක්ෂ 15ක් පමණ වටිනා භාණ්ඩ ද, කඩු­වක් සහ කිනි­ස්සක් ද මොහු පදිංචි නිවෙස වටලා සොයා­ගෙන තිබේ. මොහු ඊයේ (18) මිනු­ව­න්ගොඩ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.

මේ පිළි­බඳ වැඩි­දුර විම­ර්ශන කට­යුතු මීග­මුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී එරික් පෙරේරා මහ­තාගේ උප­දෙස් පරිදි, කටු­නා­යක ප්‍රදේ­ශය භාර සහ­කාර පොලිස් අධි­කාරී ගාමිණී රත්නා­යක මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ, කටු­නා­යක පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අජිත් නිශ්ශංක, අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක දහම් මාර­සිංහ, උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රුන් වන මොහො­මඩ් නිෂ්මි, ප්‍රිය­ද­ර්ශන, පොලිස් සැර­යන් 37371 සුනිල්, පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන 93015 කරු­ණා­නා­යක, 96820 සද­මාල්, 100255 සෙනෙ­වි­රත්න සහ 102289 මධු­සංඛ මහ­ත්වරු සිදු කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT