Home » ලෙබනනයේ ‘වෝකි ටෝකි’ පුපුරන්න ගනියි

ලෙබනනයේ ‘වෝකි ටෝකි’ පුපුරන්න ගනියි

by chanaka
September 19, 2024 11:08 am 0 comment

රැහැන් රහිත සන්නිවේදන උපාංගවල දෙවන පිපිරීම් රැල්ලෙන් ලෙබනනයේ අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් 450කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව, හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම විසින් භාවිත කරන ලද වෝකි ටෝකි මෙසේ පුපුරුවා හැරීම මගින් බේරූට් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශවල, බෙකා නිම්නය සහ දකුණු ලෙබනනනයේ මෙම පහරදීම් සිදුව තිබෙන බව සදහන් වේ.

මීට දිනකට පෙර ලෙබනනය පුරා පේජර් පුපුරා යෑමෙන් 12 දෙනෙක් මියගොස් තිබූ අතර එහි උණුසුම මැකී යෑමටත් පෙර මෙලෙස වෝකි ටෝකි” යන්ත්‍ර පුපුරා ගොස් තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT