Wednesday, April 23, 2025
Home » හදවත ගෙදර තියලා මොළේ අරන් ඡන්ද පොළට යන්න

හදවත ගෙදර තියලා මොළේ අරන් ඡන්ද පොළට යන්න

-එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ ජනපති අපේක්ෂක ජනක රත්නායක

by sachintha
September 18, 2024 1:38 am 0 comment

හදවත ගෙදර තියා මොළේ අරගෙන ඡන්ද පොළට යා යුතු බවත් අලුත් කෙනකුට ආර්ථිකය දන්න සාර්ථක ව්‍යාපාරිකයකුට, මොළේ තියෙන බය නැති පුද්ගලයකුට රට භාර දිය යුතු බවත් එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ අනුරාධපුරයේදී පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“දේශපාලනඥයන් වසර 76ක් බොරු පොරොන්දු දෙමින් මහජනතාව මුළා කළා. එහි ප්‍රතිඵල ලෙස තමයි අද රට බංකොලොත් වෙලා තියෙන්නේ. 1948 සිට ලංකා දේශපාලනය පවුල් කිහිපයක් අතරේ හුවමාරු වුණා. දේශපාලකයන් පොහොසත් වෙලා ජනතාව දුප්පත් වෙලා.

බොරු පොරොන්දුවලින් ජනතාව මුළා කරනවා. දැනට පාලනය කරන සහ පාලනය ඉල්ලන සියලුම දෙනා කළ නොහැකි දේවල් තමයි පොරොන්දු වෙන්නේ.

වාහන ආනයනය, වැටුප් වැඩි කිරීම, පොහොර සහනාධාරය මේවා සියල්ලම මැතිවරණ කාලයට පමණයි.

මෙවර ජනතාව හදවත ගෙදර තියලා මොළේ අරගෙන ඡන්ද පොළට යන්න ඕනෙ. අලුත් කෙනකුට, අලුත් පුද්ගලයකුට, ආර්ථිකය දන්න සාර්ථක ව්‍යාපාරිකයකුට, මොළේ තියෙන බය නැති පුද්ගලයකුට රට භාර දෙන්න.”

අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT