Home » පොරොන්දු ඉටු කරන්න සජිත්ට සල්ලි කෝ

පොරොන්දු ඉටු කරන්න සජිත්ට සල්ලි කෝ

-මන්ත්‍රී එස්. බී. දිසානායක

by sachintha
September 18, 2024 1:33 am 0 comment

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම්වලදී ජනතාවට පොරොන්දු වූ දේවල් දීමට නම් කෝටි හතළිස් දහසක් ඔහු සොයා ගත යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගිය 16 වැනිදා ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීමට හැටන් – දික්ඔය නගර සභා ශාලාවේ පැවති රැස්වීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“22 වැනිදා වැරදීමකින් හෝ සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණොත් එයා කොහෙන්ද මේ කෝටි හතළිස් දහසක හොයන්නේ? සජිත්ගේ තාත්තා උතුරේ පළාත් සභා ක්‍රමය ඇති කරන්න දැඩි ලෙස විරුද්ධ වුණු කෙනෙක්. දමිළ ජනතාවට කිසිම දෙයක් නොකළ නායකයෙක්, එයාගේ පුතා කොහොමවත් දමිළ ජනතාවට කිසිම දෙයක් කරන්නේ නෑ.

2015 වසරේ එයා නිවාස ඇමැති වුණා. මම හදපු අමාත්‍යාංශය ඒක. ඒ අමාත්‍යාංශයේ ඕනතරම් සල්ලි තියෙනවා, නිවෙසක් නැති කෙනකුට දිවයිනේ ඕනෑම තැනක නිවෙසක් ඉදි කරන්න පුළුවන්. වතුකරයේ කාට ද එහෙම නිවෙසක් සජිත් ප්‍රේමදාස හදලා දුන්නේ.”

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT