Sunday, April 20, 2025
Home » ආර්ථික අර්බුදය මැද පාකිස්තානයේ විරැකියාවත් ඉහළට

ආර්ථික අර්බුදය මැද පාකිස්තානයේ විරැකියාවත් ඉහළට

by sachintha
September 18, 2024 1:07 am 0 comment

පාකිස්තානයේ තරුණ ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීම හේතුවෙන් විරැකියාව හිස ඔසවමින් තිබෙන බවත්, එරට ආර්ථික අර්බුදය තවත් බරපතළ වනු ඇති බවත් එරට සැලසුම් කොමිෂන් සභාව සෙනෙට් කමිටුවට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මන්දගාමී ආර්ථික වර්ධනය සහ ජනගහනයේ ශීඝ්‍ර වර්ධනය එරට තරුණ පරපුර අතර දැඩි මානසික ව්‍යාකූලත්වයක් නිර්මාණය වීමට හේතු වනු ඇතැයි ද පාකිස්තාන සැලසුම් කොමිෂන් සභාව රජයට පෙන්වා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පාකිස්තානයේ දළ දේශීය නිෂ්පාදිත වර්ධනය මේ වන විට 3.5%ක් වන බැවින් තිරසර ආර්ථික සංවර්ධනයක් සඳහා 7% ක නිෂ්පාදිත වර්ධනයක් අවශ්‍ය බවත් එම කොමිෂන් සභාව අවධාරණය කර ඇතැයි වාර්තා වේ. පාකිස්තානයේ ආර්ථික ස්ථාවරත්වය සඳහා විදේශ ආයෝජන, බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රගතිය හා කාර්මික සංවර්ධනය තීරණාත්මක සාධක බව සඳහන් කරමින් පෞද්ගලික අංශයේ ආයෝජන මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය වැඩිදියුණු කිරීමට අවශ්‍ය යෝජනා රැසක් ද සැලසුම් කොමිෂන් සභාව විසින් රජයට ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT