Sunday, April 20, 2025
Home » පාකිස්තානයේ අස්ථාවරභාවය අමෙරිකාවේ අවධානයට

පාකිස්තානයේ අස්ථාවරභාවය අමෙරිකාවේ අවධානයට

by sachintha
September 18, 2024 1:06 am 0 comment

වර්තමානයේ පාකිස්තානයේ ක්ෂේත්‍ර ගණනාවක උද්ගත වී ඇති අස්ථාවරභාවය පිළිබඳ අමෙරිකාවේ අවධානය යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වත්මන් පාකිස්තානයේ අස්ථාවරභාවය වර්ධනය වෙමින් පවතින්නේ දැයි අමෙරිකාවේ හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන සල්මේ කලිල්සාඩ් පසුගියදා එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ප්‍රශ්න කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඇෆ්ගනිස්තානයේ, ඉරාකයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු තානාපතිවරයකු වන සල්මේ කලිල්සාඩ් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පාකිස්තානයේ ආර්ථික තත්ත්වය දරුණු ලෙස පහත වැටෙමින් තිබියදී රජයට එරෙහි විරෝධතා සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ඉහළ යමින් පවතින බවය. එමෙන්ම එරට හමුදාවේ දේශපාලන කටයුතුවලට මැදිහත් වීම් වර්ධනය වීමට රටේ අස්ථාවරත්වයට බලපා ඇතැයි හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා අවදානම් තත්ත්වයක පැවැතීම තවත් බරපතළ කාරණයක් බවත්, පාකිස්තානයේ වත්මන් තත්ත්වය පිළිබඳ අමෙරිකානු පරිපාලනය නිරීක්ෂණය කළ යුතු බවත් සල්මේ කලිල්සාඩ් එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT