Home » විශ්වවිද්‍යාල දේශපාලනය තහනම් කරන්නැයි ඩකා නුවර සිසුන් විරෝධතාවක

විශ්වවිද්‍යාල දේශපාලනය තහනම් කරන්නැයි ඩකා නුවර සිසුන් විරෝධතාවක

by sachintha
September 18, 2024 1:05 am 0 comment

විශ්වවිද්‍යාල තුළ දේශපාලනය තහනම් කරන ලෙස ඉල්ලා බංග්ලාදේශයේ ඩකා අගනුවර විශ්වවිද්‍යාලයේ සිසුන් විශාල පිරිසක් පරිපාලනයෙන් ඉල්ලීමක් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මේ තත්ත්වය මත එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිල් දෙකකට බෙදීමෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. දේශපාලනය තහනම් කරන ලෙස එක් පාර්ශ්වයක් ඉල්ලා සිටියදී තවත් පාර්ශ්වයක් විශ්වවිද්‍යාල තුළ දේශපාලන කටයුතු අඛණ්ඩව සිදු කළ යුතු බවට අදහස් පළ කර ඇති අතර, එම මතගැටුම සම්බන්ධව පසුගිය සති අන්තයේ ඩකා විශ්වවිද්‍යාලයේ රැස්වීම් ගණනාවක් පැවැත්වූ බවත්, එහිදී දෙපාර්ශ්වය අතර මතගැටුමක් සිදුවූ බවත් වැඩිදුරටත් වාර්තා වේ. මේ වන විට විශ්වවිද්‍යාල තුළ දේශපාලනය තහනම් කරන ලෙස ඉල්ලා සිටින ශිෂ්‍ය කණ්ඩායම ඒ සම්බන්ධව පරිපාලනයට ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයිද, එම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් අධ්‍යයනය කටයුතුවලින් ඉවත්වන බවටද දැනුම් දී ඇති අතර, උපකුලපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට රැස්වී සිය විරෝධතාව පළ කර ඇතැයි ද වාර්තා වේ.

මේ වන විට ඩකා විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් 95%ක්ම විශ්වවිද්‍යාලයෙන් දේශපාලනය ඉවත් කරන ලෙස ඉල්ලා ඇති අතර, සුළු පිරිසකගේ ඉල්ලීමට විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ දේශපාලන ක්‍රියාකාරම් සිදුකිරීමට ඉඩ සැලසීම සම්බන්ධව කුලපතිවරයා දැඩි විවේචනයට ලක් කර ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කළේය. පවතින තත්ත්වය මත ඩකා විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ගැටුමක් නිර්මාණය වී ඇතැයි ද බංග්ලාදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT