Monday, April 21, 2025
Home » බාගෙට කැපූ මහෝගනී අත්ත අදිද්දී ඇඟට වැටී අ‍ෙයක් මරුට

බාගෙට කැපූ මහෝගනී අත්ත අදිද්දී ඇඟට වැටී අ‍ෙයක් මරුට

by sachintha
September 17, 2024 2:40 am 0 comment

මහෝගනී ගසක් කැපීම සඳහා අඩි 27ක් පමණ උසින් පිහිටි අත්තක් කපා, බිමට බැස එම අත්ත තවත් පුද්ගලයකුගේ ආධාරයෙන් බිමට ඇදීමට යෑමේදී එම අත්ත සිරුර මතට වැටී සිදු වූ අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයකු පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට මාරු කර යැවූවත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මිල්ලෑව, ගොඩැල්ලහේන අංක 491 / B හි පදිංචි වීරසිංහ ආරච්චිගේ අසේල කුමාර වීරසිංහ නමැති 36 හැවිරිදි විවාහකයෙකි. මෙම පුද්ගලයා වෘත්තියෙන් ගස් කපන්නකු වන අතර, පාදුක්ක, බෝපේ ප්‍රදේශයේ පිහිටි මහෝගනී ගසක් කැපීම සඳහා තවත් පුද්ගලයකු සමඟ එම ස්ථානයට ගොස් අඩි 27ක් පමණ උසින් පිහිටි අත්තක් බාගයට කපා බිමට බැස ලණුවක ආධාරයෙන් එම අත්ත බිමට ඇදීමට යෑමේදී ඔහුගේ සිරුර මතටම අත්ත වැටී මෙසේ අනතුර සිදුව තිබුණි. මෙසේ කඩා වැටී ඇත්තේ අඩි 9ක් පමණ දිගින් යුත් අත්තකි.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදු කරන ලදී. මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය දමිත් අත්තනායක මහතා විසින් සිදු කරන ලද අතර එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව ගසක අත්තක් කැපීමට යෑමේදී එහි අත්තක් සිරුරට වැටී මොළයට, පපුවට සහ පහළ ගාත්‍රාවලට වූ මොටබල බහුවිධ තුවාල මරණයට හේතුව බව හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා නිගමනය කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියේ පො.සැ (66129) ජගත්සිරි නිලධාරියා පරීක්ෂණ මෙහෙයවීය.

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT