Home » Miss International – 2024 රූ රැජින තරගාවලිය ජයගත් තිලිණි ලංකාවට එයි

Miss International – 2024 රූ රැජින තරගාවලිය ජයගත් තිලිණි ලංකාවට එයි

by yasara
September 17, 2024 9:00 am 0 comment

ඉන්දුනීසියාවේ පැවති Miss International – 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිනි කුමාරි ඊයේ (16)  දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

මෙම තරගාවලිය ඉන්දුනීසියාවේ බාලි දූපත් හි ලෝකයේ රටවල් 20 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 09/09 දින සිට 09/16 දින දක්වා පවත්වා තිබුණි .

මෙම තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගත් තිලිනි 09/17 දින රාත්‍රී ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 365 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය .

මහනුවර , පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි ඇය නිළියක , නිවේදිකාවක ඇතුළු ක්ෂේත්‍ර ගනනාවක් සිය දස්කම් විදහා දක්වමින් සිටින්නීය .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT