ජාතික වීරයකු මෙන්ම මෙරට බෞද්ධ ආගමික ප්‍රබෝධය උදෙසා මහඟු මෙහෙවරක් ඉටු කළ අනගාරික ධර්මපාලතුමන්ගේ 160 වැනි ජන්ම දිනය අදට (17) යෙදී ඇත. ඒ නිමිත්තෙන් ශ්‍රී ලංකා මහාබෝධි සංගමය වැඩසටහන් රැසක් සංවිධාන කර ඇති අතර, අද (17) පෙරවරුවේදී කොළඹ පුරහල ඉදිරිපිට පිහිටි ධර්මපාල තුමන්ගේ පිළිරුවට මල්මාලා පැලඳවීම සිදු කෙරේ.
ඊට අමතරව පෙරවරු 10.00 සිට මරදාන මහාබෝධි අග්‍ර ශ්‍රාවක විහාරස්ථානයේදී සැරියුත්, මුගලන් අග්‍රශ්‍රාවක මහ රහතන් වහන්සේගේ ධාතු ප්‍රදර්ශනයක්ද පැවැත්වෙන අතර, පස්වරුවේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අනගාරික ධර්මපාල ජන්ම දින සැමරුම් උත්සවයක්ද පැවැත්වේ. මහාබෝධි සමාගමේ සභාපති, යොෂිඩා ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ බානගල උපතිස්ස හිමියන්ගේ උපදෙස් පරිදි මේ වැඩසටහන් සංවිධාන කර ඇත.
නෙත්මි පූජනී රත්නායක