ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන් 71 දෙනකු මේ වන විට මෙරටට පැමිණ තිබෙන අතර ඉන් 43 දෙනකු යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය නිරීක්ෂකයන් 22 දෙනකු ද මේ වන විට දිවයිනට පැමිණ තිබේ.
ඇන්ෆ්‍රෙල් සංවිධානයෙන් පැමිණ ඇති නිරීක්ෂකයන් සංඛ්‍යාව 6කි. ඊට අමතරව යුරෝපා සංගම් නිරීක්ෂකයන් 34 දෙනකු සහ ඇන්ෆ්‍රෙල් සංවිධානයේ 3 දෙනකු ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිතය.
අසල්වැසි රටවල නියෝජිතයන් 7 දෙනකු ද මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා එක් වී ඇත.
දිවයිනට පැමිණ සිටින නිරීක්ෂණ කණ්ඩායම්, මැතිවරණ දිස්ත්‍රික්ක 22ම නියෝජනය වන පරිදි පූර්ව නිරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි, ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේය.
සුභාෂිණී සේනානායක