Sunday, April 20, 2025
Home » ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ 71ක් දැනටමත් ඇවිත්

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ 71ක් දැනටමත් ඇවිත්

by sachintha
September 17, 2024 12:25 am 0 comment

ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන් 71 දෙනකු මේ වන විට මෙරටට පැමිණ තිබෙන අතර ඉන් 43 දෙනකු යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය නිරීක්ෂකයන් 22 දෙනකු ද මේ වන විට දිවයිනට පැමිණ තිබේ.

ඇන්ෆ්‍රෙල් සංවිධානයෙන් පැමිණ ඇති නිරීක්ෂකයන් සංඛ්‍යාව 6කි. ඊට අමතරව යුරෝපා සංගම් නිරීක්ෂකයන් 34 දෙනකු සහ ඇන්ෆ්‍රෙල් සංවිධානයේ 3 දෙනකු ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිතය.

අසල්වැසි රටවල නියෝජිතයන් 7 දෙනකු ද මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා එක් වී ඇත.

දිවයිනට පැමිණ සිටින නිරීක්ෂණ කණ්ඩායම්, මැතිවරණ දිස්ත්‍රික්ක 22ම නියෝජනය වන පරිදි පූර්ව නිරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි, ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT