Tuesday, April 8, 2025
Home » ලයිසන් නැතිව කාරය පැදවූ මීරිගම භික්ෂුව අත්අඩංගුවට

ලයිසන් නැතිව කාරය පැදවූ මීරිගම භික්ෂුව අත්අඩංගුවට

by sachintha
September 17, 2024 12:22 am 0 comment

වලංගු රියැදුරු බලපත්‍රයක් නැතිව මෝටර් රථයක් පැදවීමේ චෝදනාව යටතේ භික්ෂුවක් සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරනු ලබන 46 හැවිරිදි භික්ෂුවකි.

මෙම භික්ෂුව මහනුවර සිට කුලියාපිටිය කඳානෙගෙදර ප්‍රදේශයේ විහාරස්ථානයක් කරා මෝටර් රථයක් පදවමින් ගමන් කරමින් සිටියදී කුරුණෑගල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් දැක ප්‍රශ්න කිරීම සඳහා නවතා තිබේ.

එහිදී කළ පරීක්ෂාවකදී රථය පැදවූ භික්ෂුවට වලංගු රියැදුරු බලපත්‍රයක් ද නොතිබීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබිණි.එම භික්ෂුවගේ රියැදුරු එදින වෙනත් ගමනක් යෑම හේතුවෙන් භික්ෂුව විසින් මෝටර් රථය පදවා ඇති බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

මේ අනුව සැකපිට අත්අඩංගුවට ගත් භික්ෂුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව කුරුණෑගල දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන මහතාගේ අධීක්ෂණය යටතේ කුරුණෑගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවෙල මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

කුරුණෑගල අතිරේක – පුෂ්පකුමාර ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT