Home » දෙවැනි වතාවටත් ට්‍රම්ප් නූලෙන් බේරෙයි

දෙවැනි වතාවටත් ට්‍රම්ප් නූලෙන් බේරෙයි

by sachintha
September 17, 2024 3:16 am 0 comment

අමෙරිකාවේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වරටත් ඝාතනය කිරීමේ උත්සාහයක් නූලෙන් වැළකී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා ඔහු ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි සිය ගොල්ෆ් පිටියේ ක්‍රීඩා කරමින් සිටින අතරතුර අසල වූ පඳුරක් තුළින් ඔහු වෙතට ඒ.කේ. 47 වර්ගයේ තුවක්කුවක් ඉලක්ක වී ඇති බව දුටු ජනාධිපති ආරක්ෂක නිලධාරියකු එදෙසට වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඉලක්කය වැරදීමෙන් පසු තුවක්කුකරු කළු පැහැති නිසාන් වර්ගයේ මෝටර් රථයකින් පලා ගොස් ඇති අතර, ඔහු සැඟවී සිටි බව කියන පඳුර තුළින් තුවක්කුවක්, දුරේක්ෂයක්, ගමන් මල්ලක් සහ කැමරාවක් සොයාගෙන ඇතැයි ද වාර්තා වේ.පලා ගිය තුවක්කුකරු පසුව අත්අඩංගුවට පත් වී ඇති අතර, ඔහු 58 හැවිරිදි රයන් වෙස්ලි රූත් ලෙස හඳුනාගෙන තිබේ. ඔහු රුසියාවට එරෙහිව යුක්රේන හමුදාවට විදේශිකයන් බඳවා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රවර්ධන කටයුතු සිදු කළ පුද්ගලයකු බවට වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT