Home » බංග්ලාදේශයේ හින්දු ජාතිකයන්ගේ දුර්ගා පූජාවට ප්‍රතිසංස්කරණය කළ ප්‍රතිමා 9ක් විනාශ කරලා

බංග්ලාදේශයේ හින්දු ජාතිකයන්ගේ දුර්ගා පූජාවට ප්‍රතිසංස්කරණය කළ ප්‍රතිමා 9ක් විනාශ කරලා

by sachintha
September 17, 2024 1:02 am 0 comment

එළැඹෙන දුර්ගා පූජාව සඳහා බංග්ලාදේශයේ ෆරීඩ්පූර් දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය කරමින් තිබූ ප්‍රතිමා 9ක් නාඳුනන පිරිසක් විසින් පහරදී විනාශ කර ඇතැයි ඩකා ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළේය. පසුගිය ඉරිදා අලුයම එම ප්‍රහාරය සිදු වූ බවට තොරතුරු ලැබී ඇතැයි එම දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කර ඇති අතර, කඩිනමින් විමර්ශන කටයුතු ආරම්භ කිරීමට පියවර ගත් බව ද සඳහන් කර තිබේ.

දුර්ගා පූජාව සඳහා කෝවිල් දෙකක උත්සව සංවිධාන කර තිබූ බවත්, ප්‍රහාරයට ලක්වී ඇත්තේ එම කෝවිල් දෙකටම අයත් ප්‍රතිමා බවත් කෝවිලක ප්‍රධාන ලේකම්වරයකු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. කෝවිල් දෙකටම අයත් ප්‍රතිමා 14ක ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා ආරම්භ කළ බව ද ඔහු සඳහන් කර ඇත. හින්දු සුළුතර ප්‍රජාව ඉලක්ක කරගත් ඉස්ලාමී අන්තවාදී කණ්ඩායමක් එම ප්‍රහාරය සිදු කරන්නට ඇතැයි එම දිස්ත්‍රික්කයේ හින්දු ප්‍රජාව සැක පහළ කර ඇතැයි ද වාර්තා වේ. නිසි පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් නීතිය හමුවට පමුණුවනු ඇතැයි විශ්වාස කරන බවත් ප්‍රහාරයට ලක්වූ කෝවිලක ප්‍රකාශකයකු වැඩිදුරටත් සඳහන් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT