Home » ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

by chanaka
September 17, 2024 11:42 am 0 comment

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

එම වෙඩි තැබීම සදහා යොදා ගත් උණ්ඩවල කේපීඅයි KPI ලෙස සටහන් කිරීම සහ මෝටර් රථයකින් සැකකරුවන් රැදී සිටි අතුරුගිරිය ගල්පොත්ත පාර ප්‍රදේශයට ගොස් එම සැකකරුවන් ප්‍රවාහනය කර ඇත්තේ මෙම සැකකරු බවද පොලිසිය සදහන් කරයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අළුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි වෙළදසැලක අත් උදව්කරුවකු ලෙස කටයුතු කල අයෙකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT