113
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබාදීමට දින 40 කාලයක් ගත වන බවත් හැකි ඉක්මණින් ප්‍රතිඵල ලබා දීමට පියවර ගන්නා බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (15) පැවසීය.
ඊයේ පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බවත්
කිසිම අක්‍රමිකතාවක් වාර්තා නොවූ බවත් හෙතෙම කීවේය.
ඒ බව සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් තහවුරු කළ බවද පැවසූ ඒ මහතා, යම් ගැටලුවක් ඇති වී ඇත්නම් ඒ ගැන විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරන බවද කීවේය.
දිවයිනම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 2,849 කදී ඊයේ පෙරවරු 9.30ට විභාගය ආරම්භ විය. සිසුන් 323,879 දෙනකු මෙවර විභාගය සඳහා පෙනී සිටියහ.
සුභාෂිණි සේනානායක