Wednesday, April 23, 2025
Home » ලෙඩවූ සිසුවා ගිලන් රි‍යෙන් ගෙනත් ශිෂ්‍යත්වයට වාඩි කරයි
දඹදෙණිය රෝහල් කාර්ය මණ්ඩලයේ පිහිටෙන්

ලෙඩවූ සිසුවා ගිලන් රි‍යෙන් ගෙනත් ශිෂ්‍යත්වයට වාඩි කරයි

by sachintha
September 16, 2024 12:55 am 0 comment

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී නියමිතව සිටි දරුවකු හදිසියේ ස්වසන ආබාධ තත්ත්වයකට පත්වීම හේතුවෙන් පසුගිය 14දා දඹදෙණිය මූලික රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (15) පැවති ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අවශ්‍ය බව දරුවා පවසා තිබේ. දරුවාගේ බලවත් ඉල්ලීම නිසා රෝහල් හෙද නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමඟ ගිලන් රථයකින් දඹදෙණිය මහා විද්‍යාලයට යැවූ බව දඹදෙණිය මූලික රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ අමිල මදුරංග මහතා පැවැසීය. ළමා රෝග අංශයේ විශේෂඥ වෛද්‍ය සඳුන් මහතා හා ළමා රෝග කාර්ය මණ්ඩලයේ මැදිහත්වීමෙන් දරුවාට විභාගයට පෙනී සිටීම සඳහා ඉඩකඩ පහසුකම් සලසා දීමෙන් අනතුරුව නැවතත් රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කළ බව ද වෛද්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේය.

මාවතගම – ආනන්ද විජේතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT