ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි දිමනා ලබාදීමේදී සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධව රාජ්‍ය පරිපාලන ස්දේශ කටයුතු අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය හා ඒකාබද්ධව පැවැත්වු පරීක්ෂණයෙන් පසුව ප්‍රධාන පරිපාලන නිලධාරිවරයා ඇතුළු පස් දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කළ බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මහතා පවසයි.
2023 ජූලි හා අගෝස්තු මාසවල වැඩිහිටි දිමනා ලබාදීමේදි එයින් රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් වංචා කිරීම සඳහා සම්බන්ධව ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූල්‍ය කළමණාකරු හා අදාළ විෂය භාර ලිපිකරුවන් හා ග්‍රාම නිලධාරීන් රැසකට චෝදනා එල්ල වී තිබිණි.
එහිදි මෙම මූල්‍ය වංචා හා අක්‍රමිකතාව සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයාට 2024 මාර්තු මාසයේ පළමුව පැමිණිලි ලැබි තිබූ අතර ඔහු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශයට මෙහි පරීක්ෂණ භාර දී තිබිණි.
අදාළ කරුණු සම්බන්ධව විගණන කටයුතු සිදුකළ දිස්ත්‍රික් විගණන අංශය ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම නිලධාරි වසම් 15කට ආසන්න සංඛ්‍යාවක පරීක්ෂණ කටයුතු අරඹා අදාළ වංචා සම්බන්ධව තොරතුරු අනාවරණය කරගෙන දිස්ත්‍රික් ලේකම්වරයාට වාර්තාවක් ලබා දී තිබිණි.
එම කරුණු සැලකිල්ලට ගත් දිස්ත්‍රික් ලේකම්වරයා මේ පිළිබඳව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමත්‍යාංශ ලේකම්වරයාට අදාළ වාර්තාව යොමු කර තිබිණි.
ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා අමාත්‍යාංශ විමර්ශන අංශයට මේ සඳහා පරීක්ෂණ භාර දී තිබිණි. අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමේන් පසු අමාත්‍යාංශ ලේකම් ප්‍රදිප් යසරත්න මහතා විසින් අදාළ නීත්‍යනුකූල කටයුතු සිදුකරමින් ඉදිරි කටයුතු සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා මෙම මූල්‍ය වංචා සඳහා පරීක්ෂණවලදි සනාථ වූ නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයාට බලය පවරා තිබේ.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිවරයාගේ හා විෂය ලිපිකරු ඇතුළු ග්‍රාම නිලධාරීන් තිදෙනෙකුගේ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇත.
එහිදී පරිපාලන නිලධාරිවරයාගේ වැඩ තහනමට ලක් කිරීමට හේතු වී ඇත්තේ මෙම පරීක්ෂණ කටයුතු සඳහා ගිය විමර්ශන නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීම ඇතුළු චෝදනා එල්ල වී තිබීම හේතුවෙනි.
එහිදි දිවුල්වැව, පෙරියකුලම හා ජනපදය එක ග්‍රාම නිලධාරී වසම්වල රාජකාරි කළ ග්‍රාම නිලධාරින් තිදෙනාගේ සේවය මෙසේ අත්හිටුවා තිබේ.
ඒ සමඟ විෂය ලිපිකරුට හා මේ වනවිට වැඩ තහනමට ලක්වූ ග්‍රාම නිලධාරින් තිදෙනා මෙම මූල්‍ය වංචා සඳහා ඍජුව සම්බන්ධ වී ඇති බව අනාවරණය වී තිබීම මත වැඩ තහනමට ලක්කර තිබේ.
කෙසේ වෙතත් මෙම මූල්‍ය වංචාවට ඍජුව වගකිව යුතු ගණකාධිකාරි හා එම ඒකකයේ මුදල් සහකාර නිලධාරීනි යන මෙම වංචාවන් සඳහා වගකිව යුතු දෙදෙනාටම මෙම පරීක්ෂණ සිදුව ඇති නමුත් ඒ සඳහා නිසි නීතිය ක්‍රියාත්මක වීමක් සිදුව නැති බව පැවසෙයි. අදාළ පරීක්ෂණවල දී අනාවරණය වූ පරිදි අදාළ වංචාව සිදුව ඇති කාලය තුළ ගණකාධිකාරි අනුදැනුම මත මූල්‍ය අංශයේ ලිපිකාරිනියගේ භාරයෙ විශාල මුදල් ප්‍රමාණයක් නිසි ගිණුම් ගත කිරීමකින් තොරව රඳවාගෙන තිබී ඇති බව ද විමර්ශනවලදී තහවුරු වී තිබිණි.
එසේ තිබියදී අදාළ පරීක්ෂණවලින් මෙම අදාළ නිලධාරීන්ට නීති ක්‍රියාත්මක නොවීම බරපතළ ගැටලු තත්ත්වයක් මතු කර ඇති බව කියයි.
පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ