Home » මුල් මාස 9ට සුරාබදුවෙන් කෝටි 15200ක වාර්තාගත ආදායමක්

මුල් මාස 9ට සුරාබදුවෙන් කෝටි 15200ක වාර්තාගත ආදායමක්

by sachintha
September 16, 2024 12:49 am 0 comment

මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 15200 (බිලියන 152) වාර්තාගත ආදායමක් ලබා ගෙන තිබේ. වසර 2023 ජනවාරි පළවෙනිදා සිට සැප්තැම්බර් මස 15 වෙනිදා දක්වා කාලය තුළ එම දෙපාර්තමේන්තුව අය කරගෙන තිබූ ආදායම රුපියල් කෝටි 12200 ( රුපියල් බිලියන 122) කි.

පසුගිය වසරේ එම කාලයට වඩා මේ වසරේ මුල් මාස නවය හමාර තුළ ආදායම වැඩිවීමේ වර්ධනය සියයට 25ක් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ .ගුණසිරි මහතා ප්‍රකාශ කළේය. වසර 2023 තම දෙපාර්තමේන්තුව රුපියල් කෝටි17900 ( බිලියන 179) ආදායමක් ලබාගෙන ඇත. මේ වසරේ තම දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 232000 (බිලියන 232) ආදායමක් ලබා ගැනීම ඉලක්ක කොට ඇතැයි ගුණසිරි මහතා සඳහන් කළේය. සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරි සහ සේවක පුරප්පාඩු රාශියක් පවතිද්දිත් මේ අන්දමට ආදායම් ලබා ගැනීම වැඩි වීම කෙරෙහි තම දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන්ට ස්තූතිවන්ත වන බව ද ඔහු කිවේය.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT