Home » විරෝධතාවලදී පුද්ගලයන් 875 දෙනකු ඝාතනයට ලක් වූ බව හෙළි වෙයි
බංග්ලාදේශ

විරෝධතාවලදී පුද්ගලයන් 875 දෙනකු ඝාතනයට ලක් වූ බව හෙළි වෙයි

-බංග්ලාදේශ ජාතික පක්ෂයේ සාමාජිකයන් 422කුත් ඒ අතර කලීඩා සියාගේ පක්ෂයේ මහලේකම් කියයි

by sachintha
September 16, 2024 12:47 am 0 comment

අගමැතිනිය ශෙයික් හසීනාට සහ අවාමි ලීග් රජයට එරෙහිව පසුගිය ජූලි අග භාගයේ සහ අගෝස්තු මුල් භාගයේ බංග්ලාදේශයේ පැවැති ශිෂ්‍ය විරෝධතාව හා ප්‍රචණ්ඩක්‍රියා අතරතුර පුද්ගලයන් 875 දෙනකු ඝාතනයට ලක් වී ඇතැයිද, කලීඩා සියාගේ බංග්ලාදේශ ජාතික පක්ෂයේ සාමාජිකයන් 422 දෙනකු ඊට ඇතුළත්ව ඇතැයිද එම පක්ෂයේ මහලේකම් මිර්සා ෆක්රුල් ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් එම පක්ෂයේ මහලේකම්වරයා මේ බව අනාවරණය කර ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අන්තර්වාර රජය බංග්ලාදේශයේ මහමැතිවරණයක් පවත්වනු ලබන දිනය සම්බන්ධව මෙතෙක් කිසිදු තීන්දුවකට පැමිණ නැති බවත්, මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා වාර්තාව සකස් කිරීමට මාස දෙකකට වඩා කාලය ගත නොවිය යුතු බවත් බංග්ලාදේශ ජාතික පක්ෂයේ මහලේකම්වරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

සෑම ඝාතනයක්ම එක හා සමාන වැදගත්කමක් ඇතිව ලේඛනගත කළ යුතු බවත්, ඝාතනයට ලක්වූ සියලුදෙනාට යුක්තිය ඉටු කළ යුතු බවත් ඔහු අන්තර්වාර රජයෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT