Home » ටජ් මහලේ ජල කාන්දුවක්

ටජ් මහලේ ජල කාන්දුවක්

by chanaka
September 15, 2024 12:11 pm 0 comment

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා නගරයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ටජ්මහල් ඓතිහාසික ස්මාරකයේ ප්‍රධාන ගෝලාකාර කොටසට හානි සිදුවී ඇත.

පසුගිය දින තුනේ අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම කොටසින් ජලය කාන්දු වී ඇත.

වර්ෂාවෙන් ස්මාරකයේ උද්‍යාන ප්‍රදේශයද ජලයෙන් යටවී පවතී. කාන්දුව හඳුනාගැනීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.

පසුගිය දශක අට තුළ අග්‍රා ප්‍රදේශයට ලද වැඩිම වර්ෂාපතනය මේ වන විට වාර්තා වී ඇති අතර බ්‍රහස්පතින්දා මිලිමීටර් 151ක වර්ෂාපතනයක් ලැබුණු බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කර තිබෙනවා.

අධික වර්ෂාව අග්‍රා කොටුව, ජුන්ජුන් කටෝරා, රාම් බාග්, ෆතේපූර් සික්‍රි සහ මෙහ්තාබ් බාග් වැනි සංචාරක ස්ථාන වලටද බලපා ඇත.

සොහොන් ගැබක් ලෙස තැනවු ටජ් මහල් කිරිගරුඬ මන්දිරය “ෂා ජෙහාන්” නම් මෝගල් අධිරාජ්‍යාගේ නිර්මාණයකි.තම තෙවන වූ දේවිය මුම්ටාස් සිහිවීම පිණිස ඉදිකරන ලද ආදරයේ සංකේතයකි. මුම්ටාස් තම 14 වන දරුවාගේ උපත සිදු වන අතරතුර ජීවිතක්ෂයට පත් වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT