Sunday, April 20, 2025
Home » වඳුරු උණට එරෙහි එන්නතට WHO අනුමැතිය

වඳුරු උණට එරෙහි එන්නතට WHO අනුමැතිය

by chanaka
September 15, 2024 12:12 pm 0 comment

වඳුරු උණ ආසාදනය වැලැක්වීමට පියවරක් ලෙස හඳුන්වා දුන් පළමු එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, වඳුරු උණ ආසාදනයට එරෙහිව වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයන් සඳහා මාත්‍රා දෙකකින් යුත් මෙම mpox එන්නත භාවිත කිරීමට අවසර ලැබේ.

වයස අවුරුදු 18ට අඩු අය සඳහා එන්නත නිර්දේශ නොකරන නමුත්, ළදරුවන්, ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් සඳහා ද එය සුවිශේෂී තත්ත්වයන් තුළ භාවිත කළ හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT