Home » 18 වැනිදායින් පසු සමාජ මාධ්‍ය පිළිබඳ මැතිවරණ කොමිසමෙන් විශේෂ තීරණයක්

18 වැනිදායින් පසු සමාජ මාධ්‍ය පිළිබඳ මැතිවරණ කොමිසමෙන් විශේෂ තීරණයක්

by chanaka
September 15, 2024 12:10 pm 0 comment

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වූ පසු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරයන් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව, මැතිවරණ කොමිසම සදහන් කරයි.

ඒ අනුව නිහඬ කාලසීමාවේ කිසිදු ප්‍රචාරණයක් සිදුකිරීමට නීතියෙන් තහනම් බව එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහාතා පැවසීය. නිහඬ කාලසීමාවේ සමාජ මාධ්‍ය ප්‍රචාරණය සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය ගැන අදාළ ජාත්‍යන්තර සමාගම් සමග සාකච්ඡා කර ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.

එහෙත් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය යොදා ගනිමින් නීතිවිරෝධීව ජනාධිපතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT