Home » ආම් රෙස්ලින් සංචි­තය සූදා­නම්

ආම් රෙස්ලින් සංචි­තය සූදා­නම්

by damith
September 14, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා එත්නෝ­ස්පෝර්ට්ස් සම්මේ­ල­නය ශ්‍රී ලංකා ආම් රෙස්ලින් කමි­ටුව සමඟ එක්ව ආම් රෙස්ලින් (Arm Wrestling) හෙවත් අත් පොර ක්‍රීඩාව සඳහා තේරීම් තර­ගා­ව­ලි­යක් පසු­ගි­යදා පාණ­දුර සුසිලා ෆිට්නස් ආය­ත­න­යේදී පැවැ­ත්විණි. එහිදී වයස් කාණ්ඩ 3ක් යටතේ ක්‍රීඩ­ක­යන් 16 දෙන­කු­ගෙන් යුත් සංචි­ත­යක් තෝරා ගෙන තිබේ.

අවු­රුදු 18ට අඩු කනිෂ්ඨ අංශය සඳහා ජී.එච්. බොෂේන් (කි.ග්‍රෑ 50), ගිහාන් දිල්ෂාන් (කි.ග්‍රෑ 60), ජී.එච්. බොසිලු (කි.ග්‍රෑ 65), ෂාන් නෙතුර (කි.ග්‍රෑ 70) සහ ශක්‍ය ශ්‍රී කවී­ෂ්වර (කි.ග්‍රෑ 75) එක්ව ඇති අතර, අවු­රුදු 19-23 ජූනි­යර් යූත් අංශ­යට යසස් චන්දිර කි.ග්‍රෑ 55), තෙනුර ගවීෂ (කි.ග්‍රෑ 60), ඕෂද ෆොන්සේකා (කි.ග්‍රෑ 65) සහ විශ්ව ශ්‍රී ප්‍රභා­ෂ්වර (කි.ග්‍රෑ 70) ඇතු­ළත්ව සිටිති.

ඉෂාර උමේෂ් (කි.ග්‍රෑ 55), රන්තරු නෙසදු (කි.ග්‍රෑ 60), එල්.එස්. බෝපෝ­ආ­රච්චි (කි.ග්‍රෑ 65), සදීප් ප්‍රනාන්දු (කි.ග්‍රෑ 75), ජන­දීප රසාං­ජන (කි.ග්‍රෑ 85), සදීප් ප්‍රිය­මාල් (කි.ග්‍රෑ 90) සහ නිපුන් තාරක (කි.ග්‍රෑ 110) වයස අවු­රුදු 18ට වැඩි ජ්‍යෙෂ්ඨ අංශ­යට තෝරා ගැනී­මට කට­යුතු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT