Home » මුං ඇට සඳහා සහ­තික මිලක් කඩි­න­මින් හඳුන්වා දෙන්න

මුං ඇට සඳහා සහ­තික මිලක් කඩි­න­මින් හඳුන්වා දෙන්න

අග­මැ­ති­ගෙන් කෘෂි-වෙළෙඳ ඇමැ­ති­ව­රුන්ට උප­දෙස්

by damith
September 14, 2024 1:00 am 0 comment

නුවන් කොඩි­කාර

මුං ඇට සදහා සහ­තික මිලක් කඩි­න­මින් හඳුන්වා දෙන්නැයි අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා උප­දෙස් දී තිබේ. කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර, වෙළෙඳ වාණිජ හා ආහාර සුර­ක්ෂි­තතා ඇමැති නලින් ප්‍රනාන්දු මහ­ත්ව­රුන් වෙත ලිපි­යක් යොමු කර­මින් අග­මැ­ති­ව­රයා ඊයේ (13) මෙලෙස උප­දෙස් දී ඇත.

ආහාර සුර­ක්ෂි­ත­තාව හා ආර්ථික පුන­ර්ජ­න­නීය කමිටු හරහා සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල පද්ධති මෙන්ම ප්‍රාදේ­ශීය සංව­ර්ධන හා කෘෂි­කර්ම කමිටු හරහා අත­ර­මැදි කන්න­යක් ලෙස ඉප­නැල්ලේ මුං වගාව සඳහා ගොවීන් දැනු­වත් කර­මින් උනන්දු කර­වීමේ ප්‍රති­ඵ­ල­යක් ලෙස ඉතා සාර්ථක මුං අස්වැ­න්නක් වෙළ­ඳ­පො­ළට පැමි­ණෙ­මින් පව­තින අතර, ඒ සඳහා දැනට ඉතා සාධා­රණ තොග මිලක් පව­තින බව දිස්ත්‍රික් ලේක­ම්ව­රුන් වාර්තා කර ඇත.

“ඉදිරි සති කිහි­පය තුළ මුං ඇට අස්වනු විශාල ලෙස වෙළෙ­ඳ­පො­ළට ප්‍රවිෂ්ට වීමත් සමඟ මේ වෙළෙ­ඳ­පොළ මිල ගණන් පහත හෙළ­මින් ගොවීන් අස­ර­ණ­භා­ව­යට පත් වීම වළක්වා ලීමට අප විසින් කඩි­නම් මැදි­හත් වීමක් සිදු කළ යුතුව ඇතැයි නිරී­ක්ෂ­ණය කරමි. එබැ­වින් කඩි­න­මින් මුං ඇට සඳහා සහ­තික මිලක් ස්ථායි­ක­ර­ණය කිරී­මට ඔබ අමා­ත්‍යංශ විසින් සාකච්ඡා කොට ප්‍රකා­ශ­යට පත් කරන මෙන් කාරු­ණි­කව ඉල්ලා සිටිමි” යනු­වෙන් අග­මැ­ති­ව­රයා සිය ලිපි­යෙන් අව­ධා­ර­ණය කර සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT