Home » ජන­මාධ්‍ය සාමූ­හි­කය සැකසූ නව නිද­හස් මාධ්‍ය යුග­යක් යෝජ­නා­ව­ලිය ජන­ප­ති වෙත

ජන­මාධ්‍ය සාමූ­හි­කය සැකසූ නව නිද­හස් මාධ්‍ය යුග­යක් යෝජ­නා­ව­ලිය ජන­ප­ති වෙත

by damith
September 14, 2024 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

‘ජන­මාධ්‍ය සාමූ­හි­කය’ මාධ්‍ය සංවි­ධා­නය විසින් මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වී සිටින අපේ­ක්ෂ­ක­යන් වෙත ඉදි­රි­පත් කිරීමේ කෙටු­ම්පත් කරන ලද ‘නව නිද­හස් මාධ්‍ය යුග­යක්’ යෝජ­නා­ව­ලිය ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා කොළඹ පද­නම් ආය­ත­න­යේදී ඊයේ (13) වෙත පිළි­ග­න්වන ලදි.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ මැති­ව­රණ ප්‍රචා­රණ වැඩ­ස­ට­හ­නක් ලෙස ප්‍රජා සංවි­ධාන හා එම සංවි­ධා­න­වල නාය­ක­යන්, නියෝ­ජි­ත­යන් හමු වූ Momentum 24 සමු­ළු­වට සහ­භාගි වෙමින් එම යෝජ­නා­ව­ලියේ පිට­ප­තක් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට පිළි­ගැන්වූ ජන­මාධ්‍ය සාමූ­හි­කයේ නියෝ­ජි­ත­යන් එහිදී ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ඉල්ලා සිටියේ ජන­මාධ්‍ය ක්ෂේත්‍රය හා ජන­මා­ධ්‍ය­වේ­දීන් සමඟ සමී­පව කට­යුතු කළ නාය­ක­යකු ලෙස මෙරට මාධ්‍ය නිද­හස සුර­ක්ෂිත කිරී­මට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රමු­ඛ­ත්ව­යක් දිය යුතු බවයි. සමාජ මාධ්‍ය නියා­මන පනත ඉවත් කර­ගන්නා ලෙසත්, විවිධ රාජ්‍ය පාලන සම­යන් තුළ ඝාත­නය වූ, අතු­රු­දන් කළ හා පහර දෙනු ලැබූ මාධ්‍ය­වේ­දීන්ට යුක්තිය පසි­ඳ­ලී­මට කට­යුතු කරන ලෙසත් මෙහිදී ජන­මාධ්‍ය සාමු­හි­කයේ නියෝ­ජි­තයෝ ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ඉල්ලා සිටි­යහ.

මේ අව­ස්ථා­වට එම ජන­මාධ්‍ය සාමූ­හි­කය මාධ්‍ය සංවි­ධා­නය වෙනු­වෙන් මාධ්‍ය­වේ­දීන් වන තිළිණ අල­හ­කෝන්, පුෂ්පා වීර­සේ­කර, ප්‍රේම් කුල­ති­ලක, ධනුෂ්ක ෆොන්සේකා, කමල් සිරි­ව­ර්ධන, කොලින් හරි­ස්චන්ද්‍ර මහත්ම මහ­ත්මීහු සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT