Home » කොළඹ ජාත්‍ය­න්තර පොත් ප්‍රද­ර්ශ­නය 27 දා සිට ඔක්. 6 තෙක්

කොළඹ ජාත්‍ය­න්තර පොත් ප්‍රද­ර්ශ­නය 27 දා සිට ඔක්. 6 තෙක්

by damith
September 14, 2024 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

සාහිත්‍ය මාසය වෙනු­වෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකා­ශ­ක­යන්ගේ සංග­මය සෑම වර්ෂ­ය­ක­දීම සංවි­ධාන කරන ‘කොළඹ ජාත්‍ය­න්තර පොත් ප්‍රද­ර්ශ­නය’ මෙව­රත් මේ මස 27 වැනිදා සිට ඔක්තෝ­බර් 6 දින දක්වා කොළඹ බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ ශාලා පරි­ශ්‍ර­යේදී පැවැත්වේ.

ඒ අනුව ප්‍රද­ර්ශ­නය ආරම්භ වන දින සිට එය අව­සන් වන දින දක්වා සෑම දින­කම පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා පොත් ප්‍රද­ර්ශ­යය ජන­තාව වෙනු­වෙන් විවෘ­තව තැබේ. 25 වැනි වර­ටත් සංවි­ධාන කර ඇති මේ පොත් ප්‍රද­ර්ශ­නය සඳහා දෙස් විදෙස් පොත් ප්‍රකා­ශන ආය­තන රැසක් තම ප්‍රද­ර්ශන කුටි එක් කරන අතර, විශේෂ වට්ටම් සහිත සහ­න­දායි මිලට එම ප්‍රකා­ශන ආය­ත­න­වල පොත් අලෙවි කිරී­ම­ටද කට­යුතු යොදා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT