පේදුරුතුඩුව ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රීවරයෙකු සහාසිකයකුගේ පිහි පහරකට ලක් වී බරපතළ තුවාල ලබා පේදුරුතුඩුව රෝහලට පෙරේදා (12) ඇතුළත් කොට තිබේ.
කන්දප්පු ගිරිදරන් නමැති හිටපු මන්ත්රීවරයාගේ නිවසක එක් පවුලක් කුලී පදනම මත ජීවත් වී ඇති අතර, ඔවුන්ට නිවසින් ඉවත් වන ලෙස කාලයක සිට දැනුම් දෙනු ලැබූවත් ඔවුන් නිවසින් එළියට නොයන නිසා හිටපු මන්ත්රීවරයා නෙල්ලිඅඩි පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිසිය අධිකරණ තීන්දුවක් මත නිවස කුලියට ගෙන සිටි පිරිසගේ බඩු බාහිරාදිය නිෙවසින් එළියට දැමීමට පසුගියදා පියවර ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්රකාශයක් සටහන් කර ගැනීමට කන්කසන්තුරේ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණෙන ලෙස හිටපු මන්ත්රීවරයාට දැනුම් දී තිබේ.
හිටපු මන්ත්රීවරයා එම කාර්යාලයට ගොස් ආපසු නිවස වෙත පැමිණෙමින් සිටියදී සැඟ වී සිටි පුද්ගලයෙකු එක්වරම ඔහු ඉදිරියට පැන පිහියෙන් ඇන තිබේ.
හිටපු මන්ත්රීවරයා විසින් නෙල්ලිඅඩි පොලිසියට ලබා දී ඇති විස්තර හා තොරතුරුවලට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට නෙල්ලිඅඩි පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.